| Home | Introduction | Buy Arduino / Modules |

Arduino #7 Arduino + TV Remote

කවුද කැමති TV Remote එකෙන් පරිගණකය පාලනය කරන්න? එහෙමත් නැත්නම් සෙල්ලම් Car එකක්? Arduino Circuit එකක්? එහෙනම් මෙන්න අවස්ථාව. අපිඅට මේ වැඩේට ඕනෙ වෙනවා TV හෝ DVD හෝ එවැනි Infrared Remote එකක් හා Arduino එකක්. ඒ වගේම Infrared Receiver එකක්. Infrared Receiveකෙක මිලදීගන්නා විට එහි + , - හා output pin මොනවාදැයි විමසා ලබාගන්න. නැත්නම් වැරදි වයර් අමුනලා ඒක කඩාගන්නයි වෙන්නෙ. ඔයාලට ඒකෙ Model number එක internet එකේ search කරලත් ඔය pin 3 හොයාගන්න පුලුවන්.

මම භාවිතා කරපු IR Receiver එකේ pin-out එක තියෙන්නෙ මෙහෙම.
දැන් මේක Arduino එකට සම්බන්ද කරන්න පහත ආකාරයට.
ඔයා භාවිතා කරන IR Receiver එකේ වර්ගය අනුව ඒකෙ pin මාරුවෙන්න පුලුවන් නිසයි ඒ ගැන දැනගෙනම අමුනාගන්න කිව්වෙ.
Output pin එක Arduino එකේ 3 වන Digital pin එකට යන්නෙ. අනිත් දෙක +5v හා Ground වේ.
මම Output එක ගත්තෙ pin 8 වලින්, කැමතිනම් Code එක වෙනස් කරලා ඔයාලටත් එහෙම භාවිතා කරන්න පුලුවන්.
හරි දැන් අපිට Arduino Software එකට පොඩි Library එකක් දාන්න වෙනවා.මෙතනින් Download කරගන්න ඒක.
https://codeload.github.com/shirriff/Arduino-IRremote/zip/master
එහෙනම් Software එකට ඕක Import කරන්න.
ඔතනින් ඔයා Download කරපු file එක තෝරලා දීලා Arduino Software එක Close කරලා ආයෙත් Open කරන්න. දැන් පහත Code එක Upload කරන්න Arduino එකට.
//------------------------------------------------
#include <IRremote.h>

int RECV_PIN = 3; // IR Receiver එකේ output pin එක සම්බන්ද වන Arduino එකේ pin එක.

IRrecv irrecv(RECV_PIN);

decode_results results;

void setup()
{
  Serial.begin(9600);
  irrecv.enableIRIn(); // Start the receiver
}

void loop() {
  if (irrecv.decode(&results)) {
    Serial.println(results.value, HEX);
    irrecv.resume(); // Receive the next value
  }
  delay(100);
}

//-------------------------------

දැන් Serial Monitor එක open කරලා TV remote එක  IR Receiver එකට වෙතට අල්ලා remote එකේ button එකක් ඔබන්න.ඔයාලට Serial monitor එකෙන් බලාගන්න පුලුවන් ඒ ඒ බොත්තමට අදාල Hex Value එක. 

එහෙනම් දැන් ඔයාලගෙ අදහස් එහෙම කියලා යන්න. Post එකේ ඉතුරු ටික ඉදිරියට. පලවෙනි පින්තූරෙන් තියෙන්නෙ DVD එකේ remote එකෙන් වැඩ කරන්න මම C# වලින් හදපු Media player එකක්. ඒ ගැනත් ඉදිරියට.
 

20 comments:

  1. මේ Site එකේ Copy protect අයින් කලා නම් හොදා. Code එකක් වත් Copy කරන්න බෑ.
    ඕව Type කරන්න ගියාම එපා වෙනව.

    ReplyDelete
  2. මේ වගේ පොඩි පොඩි Code Copy කරන්න පුරුදු වෙන්න එපා, එතකොට වැඩක් නැහැ , කිසි අදහසක් නැහැ මොනාද තියෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ඕවත් හරියට HTML වගේ.

      Delete
    2. ඔයාට අමතක උනාද Admin කියන Ribbon එක Comment එකේ අලවන්න.

      Delete
    3. ඔව් type කරන්න බැරිම code වල links දෙනවා. මේකට එන්නෙ නැහැ ව්අගේ ඒ ribbon එක

      Delete
  3. samahara wita verify wenna nethnam Serial.print(results.value, HEX); denna..new line keyana eka ain karala (ln),,HEX valive ekath ekka somtime ln verify wenna..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට

      Delete
  4. mage okkoma button walata pennanne FFFFFFF witharane

    ReplyDelete
    Replies
    1. raw data යවන remote එකක් නිසා ඒක. වෙන එකක් එක්ක අත්හදා බලන්න

      Delete
  5. verify wenne naha machan
    IRrecvDemo:15: error: 'irrecv' was not declared in this scope
    IRrecvDemo:15: error: 'results' was not declared in this scope
    mehema watenawa mokakda seen eka ?

    ReplyDelete
  6. oya code ak maage aka compile wenne naha.mokad karanne

    ReplyDelete
  7. https://github.com/z3t0/Arduino-IRremote/issues/91

    ReplyDelete
  8. wena Arduino-IRremote Library ekak danna library eke aula thiyenne

    ReplyDelete
  9. Mage arduino software eka open kalata open wenne ne erro msg ekak enawa. Uninstall karala aye install karanna haduwa. Ethakotath erro msg awith abort, ignore ,stop kiyala illanawa. Ignore dunnoth aye pas parak wage ehema msg awith ewath ignore kaloth install wenawa. But ope karanna beha. Plz help me. Kalin software ekahodata wada kala. Ada library ekata ir sensor eken wadakaranna oni programme eka liyanna oni file ekak add karanna gihin une.

    ReplyDelete
  10. Plz IR remote master eke zip file eka library ekata add karana widiha thawa tikak pahadili karala kiyannako. Wistharathmakawa denawa nam gidak hodai.

    ReplyDelete
  11. Plz IR remote master eke zip file eka library ekata add karana widiha thawa tikak pahadili karala kiyannako. Wistharathmakawa denawa nam gidak hodai.

    ReplyDelete