| Home | Introduction | Buy Arduino / Modules |

Servo Motor එකක් නිවසේදීම සාදාගැනීම.




කොහොමද යාලුවනේ... මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ Servo Motor ගැන. විශේෂත්වය තමයි නිවසේදීම Servo Motor එකකට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත මෙවැනි මෝටරයක් සාදාගැනීම තමයි අරමුණ.

මේ සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය පහතින් බලාගන්න පුළුවන්.

  • Plastic sheet
  • Super Glue
  • Variable Resistor (100k volume controller)
  • Geer wheel set from old DVD/CD ROM Driver
  • DC Motor
  • Jumper Wires
  • Arduino (for testing)
  • H Bridge Motor Driver

මුලින් ම කරන්න තියෙන්නේ පහත දැක්වෙන ආකාරයට  Plastic sheet කපාගෙන මිනුම් වලට අනුව අලවාගැනීම.







මෙහි යාන්ත්‍රික කොටස සැදීමේදී  වඩාත් සැලකිලිමත් විය යුතුයි . මෙහිදී රූපයේ පරිදී දෙවන දැති රෝදයේ අක්ෂය විචල්‍ය ප්‍රතිරෝධකයේ අක්ෂය සමග සම්බන්ධ කල යුතුයි .








දැන් පහත ආකාරයට උපාංග සදහා වයර් අමුණාගන්න.







මෙතෙක් සෑදූ කොටස නිවැරදිව ක්‍රියා කරනවාදැයි පරීක්ෂා කිරීමට මොටරයට 4.5V පමණ සැපයුමක් ලබා දී බලන්න. නිවැරදිව ක්‍රියා කරන්නේ නම් දැති රෝද බ්‍රමණය වන අතරම විචල්‍ය ප්‍රතිරෝධකයේ අක්ශයද බ්‍රමණය විය යුතුයි.
මෙහිදී මොටරයේ ක්රියාකාරිත්වය සමගම විචල්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය ද ඊට අනුරූපව වෙනස් වන බව ඔබට වැටහෙනවා ඇති.

Servo මෝටරයක් අපිට අවශ්‍ය කෝණයකට කරකවා තැබිය හැකි බව ඔබ  දැනටමත් දන්නවා ඇති. අප ලබා දෙන කෝණයේ අගයට අනුව මෝටරය නිවරදිව කරකැවී ඇත්දැයි පරීක්ෂා කිරීමට තමයි විචල්‍ය ප්‍රතිරෝධකය භාවිතා වෙන්නේ.

මෙහිදී DC මෝටරය කෙලින්ම Arduino එක හා සම්බන්ධ කල නොහැකි නිසා H Bridge Motor Driver කොටසක් නිර්මාණයට එක් කරන්න වෙනවා. මේ සදහා අවශ්‍ය පරිපත සටහන සහ සම්පූර්ණ විස්තරය  මෙතනින් බලාගන්න පුළුවන්.







මේ ආකාරයට DC මෝටරය H Bridge Motor Driver කොටස සමග සම්බන්ධ කිරීමෙන් පසු එහි In A සහ  In B අග්‍ර Arduino එකේ digital Pin 2 හා digital Pin 3 සමග සම්බන්ධ කරන්න.
එමෙන් ම මෙහි (-) අග්‍රය Arduino එකේ GND සමග සම්බන්ධ කරන්න.Motor Driver සදහා විදුලිය සැපයීමට තවත් බැටරියක් අවශ්‍ය වෙනවා. එය සම්බන්ධ කරන්නේ
Motor Driver එකේ (+ 5V) හා (-) ලෙස දක්වා ඇති තැන් වලටයි







විචල්‍ය ප්‍රතිරෝධකයේ දෙපස අග්‍ර (1 සහ 2) වෙන වෙනම Arduinoඑකේ (+)සහ(GND) අග්‍ර සමග සම්බන්ධ කරගන්න. 3 මගින් දැක්වෙන වයරය Arduino එකේ A0 සමග සම්බන්ධ කරගන්න.

දැන් පහත code එක Arduino එකට Upload කරන්න.

 #define left 2
#define right 3
#define val A0

int x = 1024; //your value should in between 0 - 1024
int i;

void setup(){
  Serial.begin(9600);
  pinMode(left,OUTPUT);
  pinMode(right,OUTPUT);
  pinMode(val,INPUT);
}

void loop(){
  i = analogRead(val);
  Serial.println(i);
  if(i < x-10){
    digitalWrite(right,HIGH);
    delay(25);
    digitalWrite(right,LOW);
    delay(100);
  }
 if(i > x+10){
    digitalWrite(left,HIGH);
    delay(25);
    digitalWrite(left,LOW);
    delay(100);
 }
}





දැන් මෙහි int x = 1024; //your value should in between 0 - 1024 හි 1024 වෙනුවට 0 සහ 1024 අතර අගයක් ලබා දී බලන්න. අප ලබාදුන් එම අගයට අනුරූපව මෝටරය බ්‍රමනය වී අදාළ ස්ථානයේ නවතින බව ඔබට දැකගත හැක.
මෙහිදී x සදහා ලබාදෙන අගය වෙනස් කිරීමෙන් පසු code එක නැවතත් Arduino එකට upload කල යුතු ය.

Serial Monitor මගින් දැනට මෝටරය බ්‍රමණය වී ඇති ස්ථානයට අනුරූප අගය දැකගත හැක.


වෙලදපොලෙන් මිලදීගත හැකි  Servo Motorවල සාමාන්‍යයෙන් ඇත්තේ අග්‍ර 3 කි. නමුත් මෙහි Arduino එක සමග වයර් 4ක් සම්බන්ධ වෙනවා. මෙය අවාසියක්. එමෙන්ම මෙය ක්‍රියාත්මක වනවිට Relay වලින් ඇසෙන ශබ්ධය සහ ඒ සදහා අමතර විදුලියක් සැපයීමට සිදුවීමද මෙහි  තවත් අවාසියක්. 

කෙසේ නමුත් මෙම නිර්මාණය මගින් ඔබට Servo Motor තුල ක්රියාකාරීත්වය අද්‍යනය කිරීමට අවස්තාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

3 comments:

  1. Servo Motor aka Java app akakin Controll karana vidiha kiyala danawada.....
    - mata karanna oni Webcam akak servo moter akata set karala pc akan aka control karanna (Rotat karanna, vamata haravanna,etc.....)

    ReplyDelete
    Replies
    1. java ගැන නම් වැඩි දැනුමක් නැහැ, පොඩ්ඩක් මේ group එකෙන් අහලා බලන්න https://www.facebook.com/profile.php?id=906276686090688

      Delete