| Home | Introduction | Buy Arduino / Modules |

Arduino Plotter Part - 2

යාලුවනේ... මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ Arduino Plotter එකේ යාන්ත්‍රික කොටස නිර්මාණය කරගන්නා ආකාරය පිලිබදවයි. මෙම කොටස ගැන පැහැදිලි කරනවා නම මෙමගින් වෙන්නේ අපි රූප ඇදීමට ගන්නා කඩදාසිය සවි කල පසු මේ කොටසෙහි ඇති මෝටර් සහ අනෙකුත් යාන්ත්‍රික කොටස් ක්‍රියත්මක් වී අවශ්‍ය රූපය කඩදාසිය මත පිටපත් වීමයි. මෙහි පළමු ළිපිය මෙතනින් බලන්න Part - 1 .
මේ ලිපිය ලියන්නෙ Plotter එකේ යාන්ත්‍රික කොටස නිර්මාණය කරපු Pahan Bhagya.


හොදයි... දැන් බලමු මේ සදහා අවශ්‍ය වන කොටස් මොනවද කියලා...

  • CD/DVD ROM Drivers - 2
  • 9g Servo Motor
  • L298 Dual H - Bridge Motor Drivers - 2
  • Arduino Uno - 1
  • Different typs of nuts & bolts
  • Circuit Wires
  • Jumper Wires
  • Ball Point Pen
  • Rubber Bands
  • Plastic Sheet
අවශ්‍ය අනෙකුත් උපකරණ...
  • Soldering Iron
  • Solder
  • Super Glue
  • Screw Driver
පළමු පියවර ලෙස කරන්න තියෙන්නේ cd rom drivers වල තියෙන stepper motor එක සහ ඊට සම්බන්ද රාමුව ගලවා ඉවත් කරගැනීමයි.

Plotter එක සදහා මෙවැනි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා.

හරි... දැන් තියෙන්නේ ඔය stepper motors වලට වයර් අමුනාගන්න එකයි... මේක ටිකක් අවදානයෙන් කරන්න ඕන වැඩක්. සාමන්‍යයෙන් මේ motor එකක අග්‍ර හතරක් තියෙනවා.

 අපි මේ අග්‍ර හතරට circuit wire හතරක් පාස්සාගන්න අවශ්‍යයි... මේ විදියට මෝටර් දෙකටම වයර් සම්බන්ද කරගන්න.

ඊලගට අපේ මේ plotter එක ගොඩනගන්න ගැලපෙන base එකක් තෝරාගන්න. මම මේ සදහා ගත්තේ cd rom driver එකක යටි පැත්ත ආවරණය කරල තියෙන තහඩුව. මේ සදහා platic sheet හෝ ලී කැබල්ලක් උනත් ගන්න පුලුවන්.

දැන් තමයි වැදගත් ම කොටස. කලින් වයර් පාස්සල සකස් කරපු frame එකක් අරගෙන plotter එක හදන්න බලාපොරොත්තු වන පාදමේ තිරස් අතට සම්බන්ද කරගන්න.


මෙතනදි එහා මෙහා චලනය වෙන කොටස base එකේ නොවදින ආකාරයට සම්බන්ද කරගන්න. යාලුවන්ට පේනව ඇති ඔය මෝටරය කරකැවෙනකොට ඒකට සම්බන්ද කරල තියෙන තවත් කොටසක් පීල්ලක් දිගේ නිදහසේ ගමන් කරන විදිය. ඉතින් මේ කොටස අවහිරයකින් තොරව එහා මෙහා යන්න පුලුවන් වෙන විදියට ඔය කොටස සවි කරගන්න.


දැන් කරන්න තියෙන්නේ ඔය චලනය වෙන කොටසට වේදිකාවක් සම්බන්ද කරන්න...

වේදිකාවක් කියන්නේ මොකක්ද?,,, අපි කඩදාසිය සවි කරන්නේ මේ වේදිකාව උඩ. මෝටරය බ්‍රමනය වෙන විට ඔය වේදිකාවත් දෙපසට ගමන් කරන විදියට තමයි අපි මේ කොටස නිර්මානය කරගන්න ඕනෙ...

මේ සදහා මම 6cm x 6cm dot board කබැල්ලක් තමයි ගත්තෙ. Plastic sheet වලින් උනත් පුලුවන්. මේ කොටස super glue භාවිතා කර කලින් කී කොටස සමග අලවාගන්න.

දැන් දෙවනි රාමුව කලින් සවි කරපු රාමුවට ලම්බකව සහ තිරස්ව පලමු රාමුවට අගල් 1 1/2 ක් පමන ඉහලින් පිහිටන විදියට සවි කරගන්න.

මම මේ සදහා spork කම්බියක් සහ ලී ආදාරකයක් උදව් කරගත්තා.

ඒ වැඩෙත් ඉවර කලාට පස්සේ තමයි අපේ පෑන සහ පෑන ඉහල පහල යවන යාන්ත්‍රණය නිර්මානය කරන්න තියෙන්නේ...


මේ කොටස සවි කරන්නේ ඉහල frame එකේ පීල්ල දිගේ එහා මෙහා චලනය විය හැකි කොටසටයි.
මේ සදහා 2cm * 4cm ප්‍රමාණයේ plastic sheet කැබැල්ලක් ගන්න පුලුවන්.
මේ කොටසෙ එක් කෙලවරක පෑන හිර කරගන්න පුලුවන් තරමෙ සිදුරක් විදගන්න.
දැන් එයට පෑන සවි කරගන්න.
දැන්  එම කොටස කලින් කියපු ඉහලින් තියෙන frame එකට සවි කරගන්න.
මෙතනදි පෑනෙ තුඩ වේදිකාවෙ වදින විදියට පෑන සකසාගන්න අවශ්‍ය වෙනවා.
දැන් තවත් 2cm * 4cm පමණ plastic sheet කැබල්ලක් පෑනෙ ඉහල කෙලවරට සවි කරගන්න.
දැන් එයට 9g Servo Motor එක සවි කරගන්න.
දැන් එයට servo horn එක සවි කරගන්න. 
දැන් එයට නූල් කැබල්ලක් තදින් සවි කරගන්න.
දැන් පහත රූපයේ ආකාරයට නූලේ අනිත් කෙලවර පෑන් බටයේ ඉහල කෙලවරට තදින් සවි කරගන්න. (මෙහිදී servo horn කොටස තිරස්වත් , පෑනේ තුඩ වේදිකාවේ ස්පර්ශව ත් පැවතිය යුතුය.)
දැන් එම ස්තානයටම රබර් පටියකුත් සවි කරගන්න. එහි අනෙක් කෙලවර plastic sheet එකේ පහල ලක්ශ්‍යයකට සම්බන්ද කරන්න.

දැන් බලමු අපි මෙතෙක් වෙලා කරපු දේවල් වලින් වෙන කාර්භාරය මොකක්ද කියල...
Servo එකේ servo horn එක කරකැවෙන විට ඒ සමගම පෑනේ තුඩ ඉහල සහ පහල ගමන් කරවීම තමයි අපේ ඉලක්කය විය යුත්තේ.යාලුවනේ... මේ වගෙ 9g Servo Motor එකක් 0° සිට 180° දක්වා කෝණික පරාසයකට බ්‍රමනය වෙන්න පුලුවන්. ඉතින් මේ ආකාරයට කොටස් සම්බන්ද කලාම ඒ කාර්‍යය පහසුවෙන් ඉටු කරගන්න පුලුවන්. 

දැන් පහත රූපයේ ආකාරයට stepper motors වල වයර් අදාල motor drivසමග සම්බන්ද කරගන්න. (එක් මෝටරයකට එක දාවකයක් බැගින් අවශ්‍ය වේ)
පරිපත සටහන සහ ඊට අදාල තොරතුරු මෙතනින්.
දැන් පලමු මෝටර් දාවකයේ අග්‍ර හතර Arduino හි 2,3,4,5 අග්‍ර වලටත් දෙවන මෝටර් දාවකයේ අග්‍ර හතර පිලිවෙලින් 6,7,8,9 අග්‍ර වලටත් servo motor එකෙහි controlling wire එක 10වන අග්‍රයටත් සවි කරගන්න.
සියලුම මෝටර් වලට භාහිර බල සැපයුමකින් 5V ලබා දෙන්න.
විශේශ කරුණක් :-සියලුම (-) අග්‍ර එකිනෙක සම්බන්ද කල යුතුය.

හොදයි... යාන්ත්‍ර්ක කොටස හදල ඉවරයි.. එහෙනම් ඊලග ලිපියෙන් බලමු අපේ plotter driver software එක භාවිතා කරමින් මේ මෝටර් තුන අවශ්‍ය ආකාරයට පාලනය කරන්නේ කොහොමද කියලා....

මේ ලිපියෙන් කියපු දේවල් ගැටලු තියෙනවා නම් අහන්න... 
සුභ දවසක් යාලුවනේ...
මෙහි තුන්වන කොටස මෙතනින් http://arduinotutes.blogspot.com/2015/11/arduino-plotter-part-3.html

27 comments:

  1. Replies
    1. ස්තූතියි ඔබේ අදහසට...

      Delete
  2. Replies
    1. ස්තුතියි ඔබේ අදහසට.

      Delete
  3. uba mea wagea patta prject ekak karala ea danuma apit ekka bedagatta ekat loku pinak

    ReplyDelete
    Replies
    1. මම දන්නා කුඩා හෝ දෙයක් අන් අය සමග බෙදාගැනීම ඇත්තෙන්ම ලොකු සතුටක්...
      ස්තුතියි ඔබට...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ''congratulation'' you have done nice project. much appreciated sharing your experience .

    ReplyDelete
  6. need help for live data logging using arduino and excel........


    ReplyDelete
  7. wadenam supperb mchn,good luck

    ReplyDelete
  8. machn puluwan ikmanata anith post dannakoooooooooooo

    ReplyDelete
  9. Arduino Uno - 1 ගන්න තියෙන්නේ කොහෙද

    ReplyDelete
  10. Arduino Uno - 1 ගන්න තියෙන්නේ කොහෙද

    ReplyDelete
  11. mam okkoma hadal iwarai.part 3 ikmta dnna :-)

    ReplyDelete
  12. mata awasanaye okkoma wire connect karala iwara wela Arduino ekata burn karanna one full programmer code eka mata denna puluwanda???

    ReplyDelete
  13. Arduino plotter part -3 lagadiima...

    ReplyDelete
  14. හොද වැඩක්......ඔබට ජය....

    ReplyDelete
  15. https://www.youtube.com/watch?v=4QtxagEy7K0
    me video eke tyena widihta motor drive eka direct arduino ekta set karanna barida?

    ReplyDelete
  16. Me sinhlen video ekakuth youtube ekata upload kalanam maru

    ReplyDelete
  17. Me sinhlen video ekakuth youtube ekata upload kalanam maru

    ReplyDelete