විව්ධ මිළ ගනන් යටතේ මේවා මිළදීගැනීමට ඇති අතර ඒ සමඟම ඔබේ GSM උපාංගයට අදාල Libraries හා Documentation ද ලබාගත හැක.
M10 නම් රේඩියෝ මොඩමයක් මඟින් බලගැන්වෙන මෙම Arduino GSM Shield එක Arduino එකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව අපට අවශ්‍ය කාර්ය සදහා උචිත Commands භාවිතා කොට Arduino එක Code කරගත හැක.
උදාහරණයක් ලෙස Arduino එකට සම්බන්ධ වන GSM උපාංගය හරහා නිවසේ තිබෙන විදුලි පහන් ජංගම දුරකථන කෙටි පණිවුඩයක් හරහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම්, එම කෙටි පණිවිඩ ලබාගෙන, ඒවායෙහි සඳහන් උපදෙස අනුව අවශ්‍ය Arduino pins සක්‍රීය කිරීමට සුපුරුදු පරිදි GSM උපාංගයේ Commands සමඟ Arduino Code එක සිදු කළ හැක. එමඟින් Relay එකක් තිබේනම් ඒවා ක්‍රියාත්මක කොට විදුලි පහන සක්‍රිය හෝ අක්‍රිය කළ හැක.
මෙම බ්ලොග් අඩ්විය හරහා මෙවැනි විස්මිත Arduino Projects ඉදිරියට බලාපොරොත්තු වන්න.
පහතින් තිබෙන්නේ මීට දින කිහිපයකට පෙර මවිසින් නිර්මාණය කරන ලද C# වැඩසටහනකි, මෙහි දත්ත ලබාගැනීම හා දත්ත සම්ප්‍රේශ්ණය සිදුවන්නේ ස්ථාන දෙකක තිබෙන Arduino GSM Shield දෙකක් හරහාය. දත්ත ලබාගන්නා Arduino එකෙහි දත්ත C# වැඩසටහනක් හා මුසු කොට ඒවා පරිගණක තිරයේ දිස් වන්නට සකසා අවශ්‍ය තොරතුරු Database එකක තැන්පත්වීම මෙමඟින් සිදු වේ. මෙවැනි නිර්මාණ පිලිබඳවද ඉදිරියයේදී ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
Post by Sadeepa Ravishan.
Gsm sheild eken kohomada Relay switch ekak on off karanne? Me gana post ekk dammoth godak watinawa
ReplyDeleteOw me gana igana ganna godak asai , me sheld akak lankawa ganna thiana thanak ganath kiyanna lankatronic aka gana wadi..
ReplyDeleteස්තුතියි ඔයාලට, eBay එකෙන් ගන්න එක තමා හොඳ
ReplyDelete