| Home | Introduction | Buy Arduino / Modules |

Arduino LED Cube එකක් හදමු 4x4x4 Part - 2

එහෙනම් යාලුවනේ ඔයාලා බලාගෙන හිටපු LED Cube එකේ දෙවෙනි කොටස අද අරන් ආවා. (Part 1)
දැන් තියෙන්නෙ යාලුවනේ මේක Cube එකක් බවට පත් කරගන්න, ඒ සඳහා අපට මේ ආකාරයෙන් සාදාගත් Layer 4 හි - (Negative) අග්‍ර පාස්සාගත යුතුය. මුලින් මැද කොටසෙ - අග්‍ර ටික පාස්සගන්න එත්කොට ලේසි වෙයි වැඩේ. දැන් තියෙන්නෙ Layer 4 ම + (Positive) සබඳතාවට වෙන වෙනම වයර් 4ක් පාස්සාගැනීමයි. ඒ සඳහා මේ ආකාරයෙන් නවාගත් කම්බි 4ක් ගන්න.
එහෙනම් මේ විදියට පාස්සගන්න Layer 4ම + අග්‍ර සබඳතා සඳහා එම කම්බි 3.
දැන් තියෙන්නෙ, Board එකට Cube එක පිහිටුවාගන්න.
Project Box එකක් මත තබනවානම් එය තුලට දැමිය හැකි වන ප්‍රමාණයේ කොටුවක් ඇඳගෙන Dot Board එක කපාගන්න.
අපිට LED Cube එකෙන් එන Pin Project Box එක හරහා Board එකට ගන්න සිදුරු සාදාගන්න වෙනවා,
 ඒ නිසා LED Cube එක Box මත තබා,  එම Pin ඇතුල් විය යුතු ස්ථාන පැන්සලකින් සලකුණු කර කුඩා සිදුරු සාදාගන්න වෙනවා.
ඉන් පසුව LED Cube එකෙහි Pins Box එක තුලට දමා ඉහත ආකාරයෙන් Board එක හරහාද එම Pins ගෙන Board එක Box එකට අලවාගන්න. (Hot Glue, Super Glue, Multibond වැනි යමකින්)
අවසානයේ එම Pins, Board එකට පාස්සගන්න.

1 comment: