| Home | Introduction | Buy Arduino / Modules |

Arduino Plotter Part - 3

හොදයි යාලුවනේ, මෙන්න ඔයාල බලාගෙන හිටපු Arduino Plotter Part - 3 ළිපිය. මේ වෙනකොට plotter එක හදන්න ආරම්භ කළ අය stepper motor සහ servo motor වල වයර් Arduino සමග සම්බන්ද කරන පියවර දක්වා ඇවිල්ලා ඇති කියලා හිතනවා.

Arduino Plotter Part - 1

සුභ දවසක් යාලුවනේ අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ මෑතකදි අපි නිර්මාණය කරපු Arduino Plotter එක නිර්මාණය කිරීම ගැන ළිපි මාලාවෙහි පළමු කොටසයි. මුලින්ම බලමු Plotter එකක් කියන්නෙ මොකක්ද කියලා, Plotter එකක් කියන්නෙත් Printer එකක්.

Ultrasonic sensor 4×4 රෝවරයක් හදමු .

රෝවර් එක ඉදිරියේ ඇති බාධක හදුනාගෙන ආපසු හැරි ඉදිරියට ගමන්කරයි . ඉතාමත් වෙිගවත්. මෙයට servo motor අවශ්‍ය නොවේ .
මෙන්න ඔබගේ  4×4 රෝවරයට දුර මැනීමේ ultrasonic  sensor එකක් සවිකර ස්වයංක්‍රීයව පාලනය කරන අයුරු .

Piano එකක් හදමු

පෙර ළිපියෙහි සඳහන් කළ පරිදි Arduino Tone හරහා Piano එකක් සාදාගන්න ආකාරය මම ළිපියෙන් අරගෙන ආවා.

Arduino Tone හරහා ශබ්ද ජනනය කිරීම

ලිපිය පටන් ගන්න කලින් අපි බලමු ශබ්දයක් කියන්නෙ මොකක්ද කියලා,
ශබ්දයක් කියන්නෙ සංඛ්‍යාත එකක හෝ ඊට වැඩි ප්‍රමාණයක එකතුවක්.
සංඛ්‍යාතයක් කියන්නෙ යම් කාල පරාසයකදි ඇති වන කම්පන ප්‍රමාණයක මිනුමක්.
යම් සංඛ්‍යාතක් ඇති වන්න නම් කිසියම් කාල පරාසයකදී යමක් කම්පනය විය යුතුයි. එය එම කාලයේදී කම්පනය වන වාර ගනණ වැඩි වන තරමට එමඟින් ජනනය වන ශබ්ද සංඛ්‍යාතයේ අගයද වැඩි වේ.
සරලව ගතහොත් Bass ගතිය වැඩි ශබ්ද අඩු සංඛ්‍යාත වන අතර
Treble ගතිය ඇත්තේ වැඩි සංඛ්‍යාත වලටය.

Plotter Writing Arduino Sinhalen


මෑතකදි අපේ බ්ලොග් එකට එකතු වුණ Supun Samarasinghe යාලුවා තමා මේ Video එක දුන්නෙ.

Delay භවිතා නොකර LED Blink කිරීම

Arduino භාවිතා කර සංකීර්ණ කේත සිදු කරන විට අපට delay හරහා LED එකක් Blink කිරීම වගේ වැඩ කරන්න ගියොත් සමහරවිට අපේ වැඩේ මන්දගාමී වෙන්න පුලුවන් සමහරවිට අපි බලාපොරොත්තු වෙන විදියට එය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඉතින් යාලුවනේ අද ළිපියෙන් අරගෙන එන්නෙ delay භාවිතා නොකර LED එකක් Blink කරන ආකාරය. මෙය ටහ්වත් දියුණු කරලා ඔයාලට මෙවැනි ගැටලු පැන නැගෙන අවස්ථාවල භාවිතයට ගන්න පුලුවන්.

Arduino උශ්ණත්වමාණය


ඔන්න යාලුවනේ අදත් පොඩි Project එකක් අරගෙන ආවා, සාම්ප්‍රදායික උශ්ණත්වමානවලට හිමි ස්ථානය Digital තාක්ශණය විසින් සොරාගත්තා යැයි කිසිවෙකු හෝ පවසන්නේ නම් එය සැබෑවක් බව මේ ළිපියෙන් පැහැදිළි වේ. මෙතනදි අපි භාවිතා කරන LM35 නම් තාප සංවේදකය හරහා ලැබෙන උශ්ණත්ව මිනුම Arduino Analog Input එකක් ලෙස ලබාගෙන එය Celsius හෝ Fahrenheit ලෙස LCD තිරයක් මත දර්ශණය වෙනවා.LCD නැති අයටත් වැඩේ කරගන්න පුලුවන්.

Sonar Sensor - දුර මනින සංවේදකය මගින් LED දැල්ව්ම.

ඉදිරි ලිපි මගින් 4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින් පාලනය කරන විදිහ බලාපොරොත්තුවන්න.
ultrasonic sensor
මෙය දුර සංවේදකයක් වේ.අල්ටාෙසොනික් සංෙව්දකය විවිධ රොබෝ ව්යාපෘති තුල බොහොවිට ඇතුලත්ය.ඔබේ රොබෝ වැටීමන් වළක්වා ගත හැක. එය ජල මට්ටම සංෙව්දන, සහ වාහන නැවැත්වීමේ සංවේදකය ලෙස භාවිතා කර ඇත. මෙය ඉතා සරල ව්යාපෘතියකී.කළ හැකිදේ බොහොයි.

Facebook හරහා ක්‍රියාත්මක වන Arduino එක


ඔන්න යාලුවනේ ඔයාලා බලාගෙන උන්නු Project එක අරගෙන ආවා. මෙහිදී සිදුවන්නේ Facebook ගිණුමකට සම්බන්ධ කරන ලද Arduino එකක් එක ගිණුමට ලැබෙන Facebook Message හරහා විධාන ලබාගෙන ක්‍රියාත්මක වීමයි. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නව නිර්මාණ සිදු කරන්න. හැබැයි යාලුවනේ මේකට Ethernet Shield  ඕනෙ වෙන්නෙ නැහැ

If Condition භාවිතා කිරීම


ආයුබෝවන් යාලුවනේ if condition ගැන මීට කලිනුත් ළිපියක් ලියලා තිබ්බා බ්ලොග් එකේ. නමුත් නැවතත් පැහැදිළිව ළිපියක් ලියන්න හිතුනා මොකද ඊළඟ Project එක මේක ගොඩක් වටින නිසා. ඒ ගැන පස්සෙ කියන්නම්කො, දැන් බලමු If condition කියන්නෙ මොකක්ද කියලා.

අපි කෙනෙක්ට උපදෙසක් දෙනවා

Accelerometer Module එකෙන් දත්ත ලබාගැනීම


අද ළිපියෙන් කතාකරන්න යන්නෙ Accelerometer Module එකක් Arduino එකට සම්බන්ධ කළ පසු එමඟින් ලබාගන්නා අගයන් පරිගණකය වෙත ලබාගන්නේ කෙසේද යන්නයි. Accelerometer Module ගැන දන්නෙ නැති අය මේ ළිපිය බලන්න Link .

Accelerometer Module

යාලුවනේ ඔයාලා දැකල ඇති Android Phone වල Game ගහනකොට Phone එක හරවලා ඒ Game එකේ Steering වගේ වැඩ කරන විදිය, අන්න ඒ වැඩේ කරලා දෙන Accelerometer Module කියන්නෙ සිරස්,තිරස් හා ඒ දෙකටම ලම්භකව පිහිටන අක්ශ වල කෝණයට සාපේක්ශව අගයක් මැනගැනීමට භාවිතා කරන Module එකක්. ඉතින් Android Phone වල තියෙන ඒ Module එක Arduino සමඟ භාවිතා කරන්න පුලුවන් පින්තූරෙ තියෙනවා වගේ  x,y,z යනුවෙන් Output Pin තුනක් සහිත Accelerometer Module එකක්

Arduino එකෙන් ලැබෙන දත්ත C# වැඩසටහනක් හරහා ලබාගැනීම


ආයුබෝවන් යාලුවනේ, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ Arduino එක භාවිතා කරලා C# මඟින් නිර්මාණය කරන ලද මෘදුකාංගයකට ආදාන, විධාන ලබා දෙන ආකාරය. C# කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අය මේ පාඩම් ටික කියවලා බලන්න - Link. හරි යාලුවනේ එහෙනම් වැඩ පටන් ගමු.

Arduino 4x4 රෝවර් - Part 3 (අවසන් කොටස)


එහෙනම් යාලුවනේ අද ලිපියෙන් Arduino 4 Wheel Rover එකේ අවසන් කොටස අරගෙන එනවා. අපිට දැන් තියෙන්නෙ TV Remote එකට අදාලව Arduino එක ක්‍රියාත්මක වෙන්න Remote එකේ එක් එක් Button වල කේත ලබාගැනීමයි, මේ සඳහා

Arduino 4x4 රෝවර් - Part 2

සුභ දවසක් යාලුවනේ, අද ලිපියෙන් ඔයාලට කියලා දෙන්නෙ Arduino 4x4 රෝවර් එකේ හදවත විදියට ක්‍රියා කරන මෝටර් ධාවකය නිර්මාණය කරගන්න ආකාරයයි. මෙහි පළමු ළිපිය බලපු නැති අය මෙතනින් ගිහින් එම කොටස කියවන්න Link . මේ සඳහා අවශ්‍ය වෙනවා

Arduino 4x4 රෝවර් එක හදමු - Part 1

රෝවර් (Rover) යන වචනය ඇසූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ මෙවැන්නක් බව නොරහසකි. අද ලිපියෙන් කතාකරන්නෙ යාලුවනේ Arduino එක භාවිතා කර, මෙවැනි විශාල එකක් නෙවේ කුඩා රෝවර් එකක් සාදගන්නේ කෙසේද යන්නයි. අපි මුලින්ම බලමු රෝවර් (Rover) කියන්නෙ මොකක්ද කියලා.

රෝවර් යනු ඕනෑම ගොඩබිමක බාධාවකින් තොරව ගමන් කළ හැකි වාහනයකි.
උදා :- Land Rover - මෙය පාරක මෙන්ම කැලෑවක වුවත් ගමන් කරයි.
Mars Rover - අපි දන්නෙ කියුරියොසිටි කියලනෙ, මේකට ඉතින් අඟහරු ග්‍රහය මත ගමන් කරන්න පුලුවන්.

Arduino සමඟ LCD Display භාවිතා කිරීම

Arduino සමඟ භාවිතා කිරීමට හැකියාවක් ඇති මෙම 16x2 Character LCD මොඩියුලය සමාන්තරගතව දත්ත සන්නිවේදනය හරහා Arduino එකෙන් ලැබ උපදෙස් අනුව අකුරු ඉඅල්ක්කම් වැනි දෑ මෙහි දර්ශණය කරයි, ඔබගේ Arduino නිර්මාණවල ප්‍රතිදාන (Output) සඳහා ඉතා වැදගත් වන මෙම LCD මොඩියුලය ගැනයි අද ලිපියෙන් කියන්නෙ.

Arduino වෙසක් සැරසිලි

සුභ දවසක් යාලුවනේ ඊයෙ ලිපියෙ පෙන්වපු Arduino වෙසක් සැරසිලි සඳහා Arduino එකට උපාංග සම්බන්ධ කරගන්නා ආකාරයත් එහි අන්තර්ගත කේතය පිලිබඳ අවබෝධයක් මෙම ලිපිය හරහා දෙන්නම් යාලුවනේ. මෙම පරිපථය කුඩා DC විදුලියකින් මෙන්ම 230V විදුලි බුබුලු සදහාද භාවිතා කරන ආකාරය මෙහි පෙන්වා දී ඇත.

Arduino වෙසක් සැරසිලි


ඔන්න යාලුවනේ අපි කලින් ලිපි වලදි භාවිතා කරපු Arduino කේත භාවිතා කරලා වෙසක් සැරසිල්ලක් කරා Arduino එකෙන්.

Servo Motor

Arduino එකෙන් Robots වගේ දේවල් හදන අයටත්, දුරස්ථ පාලක ගුවන් යානා වගේ දේවල් හදන්න ඉන්න අයට Arduino එකෙන් පාලනය වන අතක් හදාගන්න පුලුවන් මේ උපකරණය මඟින්. Servo Motor එකක් කියන්නෙ සාමාන්‍ය මෝටරයක් වගේ එක දිගට කරකැවෙන එකක් නෙවේ, එක යම් කෝණයකට කරකවලා ඒ විදියටම තියන්න පුලුවන්. Arduino එකක් හරහා ඒ කෝණය වෙනස් කරගන්න පුලුවන්.

Arduino එකට Relay Module එකක් අපිම හදාගමු

Arduino එකට අවශ්‍ය වන සමහරක් උපාංග අපට මිලදීගැනීමට අවශ්‍ය නොවන අතර ඒවා අපටම නිර්මාණය කරගතහැක. ඉතින් අද ලිපියෙන් කියන්නෙ Arduino Relay Board එකක් අපිම හදාගන්නෙ කොහොම කියලා.

SMS මඟින් Relay ක්‍රියා කරවීම


ඔන්න යාලුවනේ ඔයාලා බලාගෙන හිටපු ලිපිය අරන් ආවා. කැමතිද ලෝකෙ කොහෙ හිටියත් SMS එකක් හරහා නිවසේ තිබෙන විදුලි පහන් වැනි දෑ ක්‍රියාත්මක කරවන්න? එහෙනම් මෙන්න අවස්ථාව. කලින් ලිපියෙදි කියපු GSM උපාංගය භාවිතා කරලා තමයි මේ වැඩේ කරන්නෙ.
ඉතින් අපිට ඕනෙ වෙනවා,
  • Arduino
  • Arduino GSM Shield

Arduino GSM Shield හැදින්වීම

Arduino GSM Shield එක භාවිතා කරමින් ඔබේ Arduino එකට GPRS තාක්ශණය හරහා අන්තර්ජාල සබඳතාවය ලබාදිය හැක. එමෙන්ම මෙහි තිබෙන GMS තාක්ශණය ඔස්සේ SMS යැවීමට, දු. ඇමතුම් ලබාගැනීමටද පුලුවණි. ඔබට මෙමඟින් මිළ කළ නොහැකි වැඩකටයුතු රාශියක් Arduino එකෙන් කරගැනීමට අවස්ථාව ලබාගත හැක. Arduino GSM Shield එකක් මිළදීගෙන එයට SIM Card එකක් (ජංගම දුරකථන සඳහා භාවිතා කරන) ඇතුලත්කොට මෙම උපාංගය Arduino එකට සම්බන්ධ කොට ලෝක ව්‍යාප්ත අන්තර්ර්ජාලය වෙත Arduino එකත් සම්බන්ධ කළ හැක.

Arduino LED Cube එකක් හදමු 4x4x4 Part - 3 (Final)

(Part 1)
(Part 2)
යාලුවනේ මේ ලිපියෙන් අරන් ආවෙ LED Cube එකේ අවසාන කොටස,
මුලින්ම හඳුනාගන්න Z අක්ශයෙන් පෙන්නුම් කරන Cube එකේ Layer 4 (A,B,C,D). අපි කම්බි 4ක් අම්තර අරන් අමුණගත්තෙ A,B,C,D සඳහා.

Arduino LED Cube එකක් හදමු 4x4x4 Part - 2

එහෙනම් යාලුවනේ ඔයාලා බලාගෙන හිටපු LED Cube එකේ දෙවෙනි කොටස අද අරන් ආවා. (Part 1)
දැන් තියෙන්නෙ යාලුවනේ මේක Cube එකක් බවට පත් කරගන්න, ඒ සඳහා අපට මේ ආකාරයෙන් සාදාගත් Layer 4 හි - (Negative) අග්‍ර පාස්සාගත යුතුය. මුලින් මැද කොටසෙ - අග්‍ර ටික පාස්සගන්න එත්කොට ලේසි වෙයි වැඩේ. දැන් තියෙන්නෙ Layer 4 ම + (Positive) සබඳතාවට වෙන වෙනම වයර් 4ක් පාස්සාගැනීමයි. ඒ සඳහා මේ ආකාරයෙන් නවාගත් කම්බි 4ක් ගන්න.

Arduino LED Cube එකක් හදමු 4x4x4 Part -1




ඔන්න අද ටිකක් වෙනස් වැඩක් අරන් ආවා, අපි හදන්න යන්නෙ LED ඝණකයක්. මේකට අවශ්‍ය වෙනවා,

Android Apps සමඟ Arduino භාවිතා කරමු


හරි හරි topic එක දැක්කට බය වෙන්න එපා, Android apps හදන්න ඕනෙ නැහැ Arduino ගැන තියෙන දැනුම ඇති මේ වැඩේට. අපිට Android phone එකක තිබෙන Bluetooth තාක්ශණය ඔස්සෙ Arduino එකට සම්බන්ධ වෙන්න පුලුවන්, ඒකට ඕනෙ කරන්නෙ Arduino Bluetooth Module එකක් විතරයි. ඔව් Android තියෙන Phone එකක් සහ Arduino එකක් ඕනෙ මේ වැඩේට. මේ ක්‍රමයෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන් Apps රොත්තක්ම තියෙනවා Play Store එකේ, Arduino කියලා Search කරන්නකො. දැක්කා නේද Remote Car, ගෙදර Light on / off කර වැඩ වගේ ගොඩක් දේවල් කරන්න Apss තියෙනවා.Module එක ගන්න විදියක් නැත්නම්  රු. 750/- ට ගෙදරටම ගෙන්වාගන්න පුලුවන් මෙතනින්. -> Arduino Bluetooth Module .
හරි දැන් බලමු අද කරන්න යන වැඩේ. මෙතනදි කරන්න යන්නෙ

එක දවසින් Arduino එකක් ගෙදරටම ගෙන්වාගන්න


ගොඩක් යාලුවොන්ට තිබ්බ ගැටලුවක් තමා Arduino එකක් අරගන්නෙ කොහොමද කියන එක, ඉතින් අද මම අරන් ආවා Order කරලා දවසක් ඇතුලත මෙය ඔබගේ නිවසටම ලබා ගන්න පුලුවන් ක්‍රමයක් අරගෙන. වැදගත් කරුණ නම්, මෙය ඔබගේ නිවසට වෙත ගෙන ඒමට අමතර මුදලක් අය නොකිරීමයි (Delivery Free).
Arduino Shop කියන Facebook Page එක හරහා ඔයාලට එයාලගෙන් ලබාගන්න පුලුවන් Arduino හා Sensors ගැන දැනගන්න පුලුවන්. මෙතනින් එන්න -> https://www.facebook.com/ArduinoShopLK
071 8853466 යන දු. අංකයෙන් ඔවුන්ව සම්බන්ධ කර අදාල ඇණවුම කළ හැක.

Sonar Sensor - දුර මනින සංවේදකය

Sonar Sensor කියන්නෙ ඉතින් Arduino එකෙන් Robots හදන්න කැමති අයට නැතුවම බැරි දෙයක්නෙ. ඔන්න එහෙනම් ගෙනාවා ඒ ගැන ලිපියක්.

Tilt Sensor භාවිතා කරමු


මේකෙන් පුලුවන් Android Phone වල Auto Rotate වෙන Screen එකේ Sensor එකෙන් කරන වැඩේ Arduino එකත් එක්ක කරන්න.මුලින්ම Tilt Sensor එකක් අරගෙන ඒක Arduino එකට අමුනගන්න පහත ආකාරයට.

Analog Write Function

අපිට Arduino එක හරහා Analog Output ගන්නත් පුලුවන්. උදා :- LED එකක ආලෝකය අඩු වැඩි කිරීම වැනි අවස්ථා සඳහා.
analogWrite(); මේකෙන් තමයි වැඩේ වෙන්නෙ
 දාලා බලන්න පහත Code එක.

විචල්‍ය ප්‍රතිරෝදක මඟින් Analog Input ලබාගමු

මේකත් සරළ කේතයක්, 100k VR එකක් Arduino එකට සම්බන්ධ කරලා මේ වැඩේ කරගනන් පුලුවන්. VR එකේ මැද වයරය Analog pin 2 වලටත්, ඉතිරි වයර් දෙක + හා - වලටත් ය. LED එකක් Pin 13 වලට සම්බන්ධ කරගන්න.

Button එකක් භාවිතා කිරීම

අපි දැනට භාවිතා කළේ DigitalWrite Function එක වුවත් digital input ලබාගැනීමට Digital Read කියන Function එක භාවිතාකරන්න පුලුවන්.
Code

Arduino Serial Monitor Custom Edition එක මගෙන්

හැමදාම එකම Arduino Serial Monitor භාවිතා කරලා එපා වෙලාද? එහෙනම් මෙන්න Arduino Serial Monitor Custom Edition එක මගෙන්,
Download

Arduino එකෙන් විදුලි කෙටවීම

ඔන්න යාලුවනේ LED එක්ක පොඩි Effect පාරක් දාන Code එකක් අරන් ආවා, මෙකෙදි වෙන්නෙ Random (අහඹු) Delays වලට Flashing LED එකක් Program කිරීමයි. LED එක සෙට් වෙන්නෙ Pin 13ට. නමුත් මෙය තේරුම්ගැනීමෙන් පසුව කැමති ආකාරයකට කේතනය කරගත හැක.

සංගීතයට අනුව රටා මවන LED Spectrum එකක් හදමු

යාලුවනේ මේකත් කලින් ළිපියෙ තිබ්බ LED Matrix එකෙන් හදන්න පුළුවන් එකක්.පින්තූරෙ වගේ LED Spectrum එකක් හදාගන්න පුළුවන් මේ වැඩෙන්.

Arduino සමඟ LED Matrix භාවිතා කිරීම

අපිට මේ LED Matrix එකක් භාවිතා කරලා Arduino එකෙන් වැඩ කරන LED Display එකක් හදාගන්න පුළුවන්. 8x8 වර්ගයේ එකක් තමා මේ වැඩේට සුදුසු වෙන්නෙ. මේ Matrix එකක් ගන්න බැරි අයට තනියම වුනත් එකක් හදාගන්න පුළුවන්. මම ඒ ගැන ලිපියක් මෙතන දාලා තියෙනවා පින්තූරත් සමඟ.

Arduino එකට Keyboard එකක් සම්බන්ධ කිරීම #2 - LED Fader / Flasher

අද ලිපියෙන් කියන්නෙ Keyboard එකෙන් ලබාගන්නා දත්ත අනුව ක්‍රියාත්මක වන LED Fader එකක් හදන හැටි. කලින් ලිපියෙ විදියට Circuit එක හදාගන්න.

Arduino එකට Keyboard එකක් සම්බන්ධ කිරීම #1

යාලුවො මෙච්චර දවස් හිතන් උන්නෙ ඔය Computer එකේ තියෙන Keyboard තියෙන්නෙ Computer වලට විතරයි කියලා? නෑ ඒවා Arduino වලටත් සම්බන්ධ කරන්න පුලුවන්. පට්ට නේ? මේකටනම් අමතර උපාංගයක් විදියට ඕනෙ වෙන්නෙ PS2 Keyboard එකක්. තව PS2 Keyboard Connector එකක් ඕනෙ වෙනවා. මම නම් භාවිතා කරේ ඉවත දාපු Keyboard එකක් නිසා Connector ගත්තේ නෑ වයර් එක මැද්දෙන් කපලා දැම්මා. දැන් අපි බලාගන්න ඕනෙ Keyboard එකෙන් එන ඔය වයර් 4 මොනවාද කියලා.

Arduino එක TV Remote එකක් කරමු?

අද කරන්න යන්නෙ IR LED එක්ක පොඩි සෙල්ලමක්. පොඩි කිව්වට මේ වැඩෙන් TV/DVD player/Setup/Home theater... වගේ උපාංග ගොඩකටම සෙට් වෙන Remote එකක් හදන්න පුලුවන්. මේකටත් ගන්නෙ අපි අර කලින් ළිපියකදි Remote එකත් එක්ක සෙල්ලන් දාන්න ගත්ත මේ Library එක.

Arduino සමඟ C# භාවිතා කිරීම #1 - Control LED with C#

යාලුවො Video එකක් කරන්න කිව්ව නිසා ඔන්න හැදුවා එහෙනම්, Video එකෙන්ම බලාගන්න.

Arduino #7 Arduino + TV Remote

කවුද කැමති TV Remote එකෙන් පරිගණකය පාලනය කරන්න? එහෙමත් නැත්නම් සෙල්ලම් Car එකක්? Arduino Circuit එකක්? එහෙනම් මෙන්න අවස්ථාව. අපිඅට මේ වැඩේට ඕනෙ වෙනවා TV හෝ DVD හෝ එවැනි Infrared Remote එකක් හා Arduino එකක්. ඒ වගේම Infrared Receiver එකක්. Infrared Receiveකෙක මිලදීගන්නා විට එහි + , - හා output pin මොනවාදැයි විමසා ලබාගන්න. නැත්නම් වැරදි වයර් අමුනලා ඒක කඩාගන්නයි වෙන්නෙ. ඔයාලට ඒකෙ Model number එක internet එකේ search කරලත් ඔය pin 3 හොයාගන්න පුලුවන්.