| Home | Introduction | Buy Arduino / Modules |

Arduino 4x4 රෝවර් එක හදමු - Part 1

රෝවර් (Rover) යන වචනය ඇසූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ මෙවැන්නක් බව නොරහසකි. අද ලිපියෙන් කතාකරන්නෙ යාලුවනේ Arduino එක භාවිතා කර, මෙවැනි විශාල එකක් නෙවේ කුඩා රෝවර් එකක් සාදගන්නේ කෙසේද යන්නයි. අපි මුලින්ම බලමු රෝවර් (Rover) කියන්නෙ මොකක්ද කියලා.

රෝවර් යනු ඕනෑම ගොඩබිමක බාධාවකින් තොරව ගමන් කළ හැකි වාහනයකි.
උදා :- Land Rover - මෙය පාරක මෙන්ම කැලෑවක වුවත් ගමන් කරයි.
Mars Rover - අපි දන්නෙ කියුරියොසිටි කියලනෙ, මේකට ඉතින් අඟහරු ග්‍රහය මත ගමන් කරන්න පුලුවන්.

තව ඉතින් Ranger Rover, Defender වගේ දෙවලුත් එක එක විශේශතා මත මෙතනට අදාල වෙනවා.
මෙම ලිපියෙන් ඔබට පෙන්වාදෙන්නේ නිර්මාණයට සුදුසු Chassis එකක් සාදාගන්නේ කෙසේද යන්නයි.



උඩ පින්තූරෙ තියෙන්නෙ මෑතකදි මම හදපු Arduino රෝවර් එක. පහතින් බලාගන්න පුලුවන් ඒකෙ Video එක. මෙය රූපවාහිනී දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වේ. මෙම ළිපි මාලාවෙන් එය නිර්මාණය කරගන්න ආකාරයත්, පරිගණකයක් හරහා ක්‍රියාත්මක වන රෝවර් එකක් නිර්මාණය කිරීම හ තවත් විශේශාංග සහිත රෝවර් පිළිබඳ ඉදිරියේදි දැකගත හැක.



ඉතින් යාලුවනේ අපිට මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙනවා කුඩා රෝවර් එකක chassis එකක්.

හැබැයි ඒකෙ රෝද හතරක් තිබෙන්න ඕනෙ වම් පස රෝද දෙක සඳහා තනි මෝටරයක් හා දකුණු පස රෝද දෙක සඳහා තනි මෝටරයක් තිබිය යුතුය.
රෝද හතර සඳහා මෝටර් හතරක් වෙන වෙනම තිබේ නම් වම් පස මෝටර් දෙකෙහි + හා - අග්‍ර සමාන්තරගතව අමුණාගන්න. දකුණුපස මෝටර් දෙකෙහි + හා - අග්‍රද එලෙසින් සම්බන්ධ කරගන්න.

ඉතින් මේ වැඩේට පහත මෙන් සෙල්ලම් කරන්න ගන්න එකක් උනත් අවුලක් නැහැ.

(Photos by Jagath Supun Samarasinghe)
එසේත් නොමැතිනම් මෙවැනි Arduino රොබෝවරු තැනීමට භාවිතා කරන (eBay එකේ තියෙනවා 4x4 Arduino robot chassis) Rover එකක්.
එහෙමත් බැරි නම් ඔයාට පුලුවන් Robot Car Wheel හතරක් භාවිතා කර තමන්ගෙම රෝවර් චැසි එක හදාගන්න. නිර්මාණාත්මක බවත් තියෙනවා එහෙම කරොත්.

5 comments: