| Home | Introduction | Buy Arduino / Modules |

Arduino #2 පලවෙනි Code එක ලියමු


සුභ දවසක් යාලුවනේ. එහෙනම් ඉතින් හොඳ වෙලාවක් බලලා Arduino එකට මංගල කේතනය පටන් ගමු.ලොකු ලොකු Circuit වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක හොඳ නිසා අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි.

මේ වැඩේට ඕනෙ වෙනවා,

  • Arduino එකක්.
  • Arduino Software එක.
  • LED එකක්.
  • 470 ohm හෝ 1K හෝ ඊට ආසන්න Resistor එකක්.
  • වයර්.
දැන් පහත ආකාරයට LED එක හා Resistor එක Arduino එකට සම්බන්ධ කරන්න.
පරිපථ සටහන.
දැන් තියෙන්නෙ පහත Code එක Type කරලා Upload කරන එක.
Coding වල රතු පාටින් තිබෙන කොටස් Type කිරීමෙන් වළකින්න.
// සමඟින් ආරම්භ වන්නේ Comments බැවින් ඒවා Code එක ක්‍රියාත්මක වීමට බලපාන්නේ නැත. ඒවා අපගේ පහසුවට ලියා ගන්නා දේවල්ය.මෙසේ රතු පටින් දක්වා ඇත්තේ එක් එක් Comment එකට අදාල වන කොටස්ය. එක් කේතයක රූලක් (Line) අවසන් කරන්නේ ; සංකේතයෙනි. Void යනුවෙන් පටන් ගන්නේ Function එකක් වන අතර එයට අදාල සියලුම කේත { } වරහන් දෙක තුල ලියා ඇත.

int led = 13; // 13වන pin එක තෝරගන්නෙ LED එකට.
void setup() {
pinMode(led, OUTPUT);  // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Output එකක්.
}
//පහතින් ලියන කේතය තමයි මෙතනින් එහාට නොනැවතී ක්‍රියාත්මක වෙන්නෙ.
void loop() {


digitalWrite(led, HIGH); // තෝරාගත් LED pin එකේ output එක High බවට පත් වේ, ඒ හරහා විදුලිය ගමන් කරවයි

delay(1000);  //තත්පරයක් එලෙසින් සිටින්න

digitalWrite(led, LOW); 
// තෝරාගත් LED pin එකේ output එක Low බවට පත් වේ, ඒ හරහා විදුලිය ගමන් නොකරයි

delay(1000); 
//තත්පරයක් එලෙසින් සිටින්න
}

එහෙනම් Upload කරලා බලන්න, අපි සම්බන්ද කරපු LED එක නිවි නිවි දැල්වෙනවා.ගැටලු තියෙනවානම් කියන්න.
මෙන්න ඒ පරිපථයම Breadboard එකක.
කලින් ළිපියෙ පොඩි Update එකක් දැම්මා Breadboard ගැන.දන්නෙ නැති අය මෙතින් යන්න.
යාලුවොන්ගෙ අදහස් එහෙම බලලා ඊළඟ Tute එකත් දෙනවා.
Arduino වෙනුවෙන් වෙන්වූ ලංකාවෙ Group එක -- https://www.facebook.com/groups/906276686090688/

17 comments:

  1. එල නියමයි
    sllakshan.blogspot.com

    ReplyDelete
  2. පට්ට.දිගටම ලියන්න

    ReplyDelete
  3. දෙන්නටම ගොඩක් ස්තූතියි

    ReplyDelete
  4. Niyamai digatama liyanna....bro...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. SHASI RULZ -mulinma mee blog ekata awe ada. godak hoda vadak sahoodaraya.... digatama liyanna....... all the best

    Knowledge is free - Anonymous

    ReplyDelete
  7. well done bro. really helpful. thank you very very much.

    ReplyDelete
  8. mama sinhalen thiyana note hoya hoya godak..........karadara wna.thankzzz saho...apita aniwa thawa dana hganna dewal hama deyakma kiyala denna.elzzzzzzzz

    ReplyDelete
  9. tawa robotla hadana widiya kiyala denawanm niyamai

    ReplyDelete
  10. NIYAMET WADA THANKS MATH ARDINO GENA EGENAGANNA GODAK ASAI.APIT THANIYAMA HITHALA PROGRAM AKA LIYANNA A CODE KOHOMADA LIYANNE A SAMBANDAWA KIYA DENAWANM GODAAK HODAI

    ReplyDelete