| Home | Introduction | Buy Arduino / Modules |

Arduino #4 ආලෝකයට අනුව ක්‍රියා කරන LED Flasher එක

LDR එකෙන් වැඩ ගන්න විදිය මේ ළිපියෙන් තමයි පටන් ගත්තෙ. දැන් කියන්න යන්නෙ අපි ලබාගන්නා Analog Input එක අනුව නිවි නිවි දැල්වෙන LED එකක් Program කරන විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය



  • Arduino
  • LED
  • 1K Resistor
  • 10K Resistor
  • LDR
 මුලින්ම LED ඉහත ආකාරයට අමුනාගන්න.

රූප සටහනේ තිබෙන Arduino එකේ උඩ තියෙන්නෙ Digital Input හා Digital Output සඳහා ඇති 0 සිට 13 දක්වා Pins පේලියයි. අපි LED එක 13 වන pin එකට හා GND (Ground) වලට සම්බන්ද කරනවා. යාලුවනේ Ground කියන්නෙ පරිපථයේ සෘණ අග්‍රයට. ඉදිරියේදි අපි Ground කියන වචනය භාවිතා කරමු.
දැන් තියෙන්නෙ කලින් ළිපියෙදි වගේම LDR එකත් අමුනාගන්න.
දැන් පහත Code එක Upload කරන්න.
Coding වල රතු පාටින් තිබෙන කොටස් Type කිරීමෙන් වළකින්න.
// සමඟින් ආරම්භ වන්නේ Comments බැවින් ඒවා Code එක ක්‍රියාත්මක වීමට බලපාන්නේ නැත. ඒවා අපගේ පහසුවට ලියා ගන්නා දේවල්ය.මෙසේ රතු පටින් දක්වා ඇත්තේ එක් එක් Comment එකට අදාල වන කොටස්ය. එක් කේතයක රූලක් (Line) අවසන් කරන්නේ ; සංකේතයෙනි. Void යනුවෙන් පටන් ගන්නේ Function එකක් වන අතර එයට අදාල සියලුම කේත { } වරහන් දෙක තුල ලියා ඇත.


int sensorPin = A0;    // Analog Input එක තෝරාදීම
int ledPin = 13;      // LED pin එක
int sensorValue = 0;  // සංවේදකයෙන් ලැබෙන දත්ත සඳහා විච්ල්‍යක් සෑදීම (ආරම්භ කිරීම.)

void setup() {

  pinMode(ledPin, OUTPUT);  
  // ledPin එක Output එකක් බව සඳහන් කිරීම
} void loop() {   sensorValue = analogRead(sensorPin); 
  // සංවේදකයෙන් දත්ත ලබාගන්න
 
  digitalWrite(ledPin, HIGH);   
  // LED එක on කරන්න

  delay(sensorValue);      
  // සංවේදකයෙන් ලබාගත් දත්තයේ වටිනාකමට සමාන කාලයක් එලෙසින්ම සිටින්න.

  digitalWrite(ledPin, LOW);      
  // LED එක off කරන්න  

  delay(sensorValue);  
  // සංවේදකයෙන් ලබාගත් දත්තයේ වටිනාකමට සමාන කාලයක් එලෙසින්ම සිටින්න.            
}

දැන් Arduino එකට විදුලිය ලබාදී LDR එකට ලැබෙන ආලෝකය වෙනස් කරන්න. LED එක නිවෙන දැල්වෙන ආකරය වෙනස් වේ.

උශ්ණත්වයට අනුව මෙය ක්‍රියා කරවන්නෙ?
ඒක ලේසියි, LDR එක වෙනුවට දාන්න thermistor එකක්.

5 comments:

  1. Godak hodai....Motion sensor walin karanneth mehemada....?

    ReplyDelete
  2. niyama machan.....apiyta tawa note denna..ikmanata.elz thankzzzzzzzz

    ReplyDelete
  3. ResistorS භාවිතා කරන්නේ ඇයි දැයි පහදා දෙන්න? thanks

    ReplyDelete