| Home | Introduction | Buy Arduino / Modules |

Arduino Programming මුල සිට සරළව

Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB වැනි (වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැමදේම කරන්න තියෙන්නෙ.


WHAT IS ARDUINO?

Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It's intended for anyone making interactive projects.
 ARDUINO යනු? 
Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික වේදිකාවකි.මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවකි.
 එතකොට ඔය Arduino කියන්නෙත් අර PIC කියන Program කරන්න පුළුවන් IC එකක්ද?
බැලූ බැල්මටම පේනවානෙ යාලුවනේ මෙතන IC එකකට වඩා යමක් තියෙනවා කියලා. PIC කියන්නෙ Micro controller එකක් විතරයි.ඒත් Arduino කියන්නෙ prototyping platform එකක්. ඉතින් Arduino එකේ Micro controller එකක් වගේම බල සැපයුමක් (Power Supply) හා පරිගණකය සමඟ USB හරහා සම්බන්ධවීමට USB-Serial පරිවර්ථකයක්ද අන්තර්ගත වෙලා තියෙනවා.ඉතින් USB එකෙන් Arduino එකට Code එක දාලා USB නැතුව වෙනම භාවිතා කරන්න.

http://www.arduino.cc/ තවත් තොරතුරු අවශ්‍ය නම් වෙබ් අඩවියෙ තියෙනවා. ඒ වගේම වෙළඳපොලේ විවිධ වර්ගයේ Arduino Board තියෙනවා. කොහොම වුනත් අලුතෙන්ම මේ වැඩේ කරන්න යන කෙනෙක්ට වඩාත් සුදුසුම හා ලබදායිම Board එක තමයි Arduino UNO කියන්නෙ.

එතකොට ඔය Board එක ගන්න තියෙන්නෙ කොහෙද?

Arduino සහ ඊට අදාල උපාංග මිළදී ගැනීම ඔබටත් ගැටලුවක් වූයේ නම් පහත ස්ථාන හා සේවා මඟින් එම ගැටලුව විසඳාගත හැක.

ශ්‍රී ලංකාවේ තිබෙන අලෙවිසැල්
  • Unitech Trading (Pvt) Ltd - පළමු හරස් වීදිය, කොටුව,01100
  • මාතර තරංග ඉලෙක්ට්‍රොණික්ස්


මේ හැරුණුකොට ශ්‍රී ලංකාව තුළ තිබෙන Online ක්‍රමයට නිවසටම ගෙන්වාගත හැකි සේවාවන්

ශ්‍රී ලංකාවෙනි පිටත
මේ හැරුණු කොට ඔබ දන්නා ස්ථාන වෙතොත් අන් අයටත් දැනගැනීම පිණිස පහතින් Comment කරන්න

2014 Dec. 1වනදා Ebay වලින් Order කරපු මේ Board එක http://www.ebay.com/itm/281399903526 අද තමයි මගෙ අතට ලැබුණෙ.

දැන් නම් ඔය වගේ China board 5$ සිට ඉහළට තියෙනවා. හොඳම එකක් නම් 20$ පමණ වෙනවා.
E-bay ගැන දන්නෙ නැත්නම් මෙන්න ඒ ගැන සම්පූර්ණ විස්තරයක් - http://softpedialk.blogspot.com/2013/10/ebay.html

Arduino වල තියෙන Programming Language එක ගැන කිව්වොත්?
මෙහිදී භාවිතා වන්නේ C Language එකට සමාන භාශාවකි. නමුත් අපිට මේ ආකාරයෙන් Program කරපු Arduino එක VB, C# වගේ Program එකක් සමඟද සම්බන්ද කරන්න පුලුවන්.
Arduino එකෙන් පාලනය වන කුඩා Robot කෙනෙක්
Arduino එකෙන් පාලනය වන Quadcoptor එකක්
Arduino සමඟ LCD
ඔය Board එකෙන් පුලුවන්ද රොබෝ කෙනෙක්ව හදන්න?
ඔව් ඒත් Board එක විතරක් තිබුණට මදි, මොකද අපි කරන්න යන නිර්මාණයෙදි විවිධ ආදාන හා ප්‍රතිදාන (Input/output) ලබාදෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ Board එකට සම්බන්ධ කරන විවිධ Sensors එහෙම තියෙනවා.
උදා:- උශ්ණත්වයට අනුව ක්‍රියාකරන පරිපථයක් සාදන්නේ නම් උශ්ණත්ව සංවේදකයක් අවශ්‍ය වෙනවා.
යමක් Display කිරීමට් අවශ්‍යනම් කුඩා LCD එකක් අවශ්‍ය වෙනවා.
අන්තර්ජලය හරහා යමක් පාලනය කරනවානම් Ethernet Shield එකක් අවශ්‍ය වෙනවා.
දුර මැනීමක් කරන්න වෙනවානම් Ultrasonic Sensor එකක් ගන්න පුළුවන්.
මම පළවෙනි Code එක සාර්ථකව Arduino එක හරහා අත්හදා බැලුවා.
ඉදිරි ළිපි වලදි Sensors ගැන වැඩි විස්තර කියන්නම්.
ගැටලු එහෙම තියෙනවානම් Comment කරන්න. යාලුවන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක ඉදිරියට මෙමඟින් Programming කරන හැටි කියලා දෙනවා.
Facebook Group එකක් තියෙනවා මේ ගැන උනන්දු අයට මෙන්න Arduino Programming LK

54 comments:

  1. එල වැඩක් සහෝ දැන් නම් කරන්න වත්කමක් නෑ ... ඒත් ගොඩක් ප්‍රයෝජනවත් තොරතුරු ටිකක් දැනගත්තා..ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  2. hama page ekatama adf.ly dapu nisa poddak karadarai

    ReplyDelete
  3. Kohomada meka program. Karanne

    ReplyDelete
    Replies
    1. පිලිවෙලට බලාගෙන යන්න ලිපි ට්ක.
      http://arduinotutes.blogspot.com/2014/12/arduino-1.html

      Delete
  4. මමත් arduino එක්ක වෙඩ කරල තියනව. ඔයා මේ කරන වෙඩී මම අගය කරනව. අනිත් අයටත් මේ ගැන කියාදෙන එකට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාලුවා

      Delete
  5. api arduino project ekak programm karata passe e microcontroller ic eka galawala circuit walata use karanna puluwanda?please reply.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ IC එකේ Save වෙච්ච Code එක වැඩ කරනවා, හැබැයි Crystal එකක හා ටහ්වත් උපාංග කිහිපයක් අවශ්‍ය වෙනවා, Google Search - Arduino on Breadboard

      Delete
  6. ela machan patta wedak ...............

    ReplyDelete
  7. සුප්ප Work Bro ;).....

    ReplyDelete
  8. ස්තූතියි ඔබට

    ReplyDelete

  9. Super..ardunio board aka smart phone akata set karala input walin ganna data message akak wage tawa kenekta yawanna barida.. ex temperature aka read karala aka anith phone akata send karanna

    ReplyDelete
    Replies
    1. https://play.google.com/store/apps/details?id=ram.mere.DoDuino
      මේ වගේ app එකක් භාවිතා කරන්න පුලුවන් වැඩේට. බ්ලොග් එකේ ළිපියක් තිබ්බා Android apps සමඟ Arduino භාවිතා කරන ආකාරය.

      Delete
  10. mata dc inverter compressor moter ekak run karana vidiha danaganna one,temperature ekata speed vari wena vidihata.










    ReplyDelete
    Replies
    1. relay use karanna switch eka widiyata. sensor eken reading aran if condition use karannna

      Delete
  11. push button aka press kara LDR value aka read karala set karama power off unma reset wenawa aka wene nathi wena. api dena value aka gigatama thiyagana mokada karana oni

    ReplyDelete
    Replies
    1. arduino eke permanant memory ekak naha RAM eken tienne oay dewal e nisa ehema karanna baha. SD card ekak use nokara

      Delete
  12. එළ මචන් සුපිරියට වැඩේ කරනවා.ඔබට ජය

    ReplyDelete
  13. Replies
    1. https://www.facebook.com/profile.php?id=906276686090688

      Delete
  14. patta mchn..!
    Keep writing, Keep coding..! :)

    ReplyDelete
  15. halo mama ardiuno vala code liyanna danne nee mata kiya denawada?

    ReplyDelete
  16. halo mama ardiuno vala code liyanna danne nee mata kiya denawada?

    ReplyDelete
  17. arduino simulation software thiyanawada hoda 1k kiyanna puluwanda

    ReplyDelete
  18. niyamai.......thawa robot gana arduino walin kiyala denna...eka thama wadath wada........niyamaiiiii

    ReplyDelete
  19. Mama nam me lagadi thamai danagaththe Arduino gana.....
    Danagaththahama matath asa hithuna igena ganna...
    mama dan Arduino board ekai badu okkoma genall tyenne.... mata beginning leson wala idalama ugannna puluwanda?
    kohomada oyawa Connect kara ganne?

    ReplyDelete
  20. බ්ලොග් එකේ ඔයාගෙ පලවෙනි ලිපිය.ඔබට නිවන් සුව සදීප. !!!

    ReplyDelete
  21. හා‍ෙද වැඩක්! තවත් දැන්වීම් පියවර‍ෙන් පියවර දාන්න.

    ReplyDelete
  22. නිවසේ සිටම ආර්ඩුයිනෝ ඉගෙනීමට මෙන්න මගක්
    ඔබත් අදම ආර්ඩුයිනෝ සිංහලෙන් සීඩී එකක් ලබාගන්න.
    RS: 980/=
    ....................
    ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා විමසන්න.

    https://ikman.lk/en/ad/aardduyinoo-sinhlen-for-sale-colombo

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. https://www.arduino.lk/ එකෙන් ගන්නත් පුළුවන්

    ReplyDelete
  25. kawda online inne arduno gana danna ekek mama deyak ahaganna one ekai

    ReplyDelete
  26. මට උදවුවක් කල හැකිද

    ReplyDelete
  27. බොහොම වටිනවා ඊයේ තමා blog එක දැක්කේ.ඔබට නිවන් සුව යාලුවා 😔

    ReplyDelete
  28. mama aluthin arduino valata ekathu vuna kenek.oyage vede supiri. mata loku udavvak, idiriyatath me vage karanna puluvan vevai pathmi.
    THANKS SO MUCH..

    ReplyDelete
  29. Arduino uno eken octapad ekak hadana heti program karana heti fl studio ekka use karana heti danna kenek kynna

    ReplyDelete
  30. Arduino uno eken octapad ekak hadana heti program karana heti fl studio ekka use karana heti danna kenek kynna

    ReplyDelete
  31. Mata Arduino sinhala lesson PDF eka email ekata denna puluvanda

    ReplyDelete
  32. අලුත් අයට ගොඩක් ප්‍රයෝජනවත්...

    ReplyDelete
  33. aduino progamming gana pdf ekak hadanna

    ReplyDelete
  34. සියළුම විදුලි උපකරන,
    ඡංගම දුරකථන,
    පරිගණක අමතර කොටස් වගකීමක් සහිතව අඩුම මිලට.

    https://ranawakaelectrical.blogspot.com/

    ReplyDelete