| Home | Introduction | Buy Arduino / Modules |

Arduino GSM Shield හැදින්වීම

Arduino GSM Shield එක භාවිතා කරමින් ඔබේ Arduino එකට GPRS තාක්ශණය හරහා අන්තර්ජාල සබඳතාවය ලබාදිය හැක. එමෙන්ම මෙහි තිබෙන GMS තාක්ශණය ඔස්සේ SMS යැවීමට, දු. ඇමතුම් ලබාගැනීමටද පුලුවණි. ඔබට මෙමඟින් මිළ කළ නොහැකි වැඩකටයුතු රාශියක් Arduino එකෙන් කරගැනීමට අවස්ථාව ලබාගත හැක. Arduino GSM Shield එකක් මිළදීගෙන එයට SIM Card එකක් (ජංගම දුරකථන සඳහා භාවිතා කරන) ඇතුලත්කොට මෙම උපාංගය Arduino එකට සම්බන්ධ කොට ලෝක ව්‍යාප්ත අන්තර්ර්ජාලය වෙත Arduino එකත් සම්බන්ධ කළ හැක.

විව්ධ මිළ ගනන් යටතේ මේවා මිළදීගැනීමට ඇති අතර ඒ සමඟම ඔබේ GSM උපාංගයට අදාල Libraries හා Documentation ද ලබාගත හැක.

M10 නම් රේඩියෝ මොඩමයක් මඟින් බලගැන්වෙන මෙම Arduino GSM Shield එක Arduino එකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව අපට අවශ්‍ය කාර්ය සදහා උචිත Commands භාවිතා කොට Arduino එක Code කරගත හැක.


උදාහරණයක් ලෙස Arduino එකට සම්බන්ධ වන GSM උපාංගය හරහා නිවසේ තිබෙන විදුලි පහන් ජංගම දුරකථන කෙටි පණිවුඩයක් හරහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම්, එම කෙටි පණිවිඩ ලබාගෙන, ඒවායෙහි සඳහන් උපදෙස අනුව අවශ්‍ය Arduino pins සක්‍රීය කිරීමට සුපුරුදු පරිදි GSM උපාංගයේ Commands සමඟ Arduino Code එක සිදු කළ හැක. එමඟින් Relay එකක් තිබේනම් ඒවා ක්‍රියාත්මක කොට විදුලි පහන සක්‍රිය හෝ අක්‍රිය කළ හැක.

මෙම බ්ලොග් අඩ්විය හරහා මෙවැනි විස්මිත Arduino Projects ඉදිරියට බලාපොරොත්තු වන්න.
පහතින් තිබෙන්නේ මීට දින කිහිපයකට පෙර මවිසින් නිර්මාණය කරන ලද C# වැඩසටහනකි, මෙහි දත්ත ලබාගැනීම හා දත්ත සම්ප්‍රේශ්ණය සිදුවන්නේ ස්ථාන දෙකක තිබෙන Arduino GSM Shield දෙකක් හරහාය. දත්ත ලබාගන්නා Arduino එකෙහි දත්ත C# වැඩසටහනක් හා මුසු කොට ඒවා පරිගණක තිරයේ දිස් වන්නට සකසා අවශ්‍ය තොරතුරු Database එකක තැන්පත්වීම මෙමඟින් සිදු වේ. මෙවැනි නිර්මාණ පිලිබඳවද ඉදිරියයේදී ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

3 comments:

  1. Gsm sheild eken kohomada Relay switch ekak on off karanne? Me gana post ekk dammoth godak watinawa

    ReplyDelete
  2. Ow me gana igana ganna godak asai , me sheld akak lankawa ganna thiana thanak ganath kiyanna lankatronic aka gana wadi..

    ReplyDelete
  3. ස්තුතියි ඔයාලට, eBay එකෙන් ගන්න එක තමා හොඳ

    ReplyDelete