| Home | Introduction | Buy Arduino / Modules |

Servo Motor

Arduino එකෙන් Robots වගේ දේවල් හදන අයටත්, දුරස්ථ පාලක ගුවන් යානා වගේ දේවල් හදන්න ඉන්න අයට Arduino එකෙන් පාලනය වන අතක් හදාගන්න පුලුවන් මේ උපකරණය මඟින්. Servo Motor එකක් කියන්නෙ සාමාන්‍ය මෝටරයක් වගේ එක දිගට කරකැවෙන එකක් නෙවේ, එක යම් කෝණයකට කරකවලා ඒ විදියටම තියන්න පුලුවන්. Arduino එකක් හරහා ඒ කෝණය වෙනස් කරගන්න පුලුවන්.
eBay එකේ එක එක ප්‍රමාණ වලින් ඔයාගෙ වැඩේට ගැලපෙන Servo Motor ගන්න පුලුවන්. ලංකාවෙත් UNITCH වැනි ඉලෙක්ට්‍රොණික උපාංග අලෙවිසැල් ව්අලින් ගන්න පුලුවන්.
පහත Video එකෙන් මේ උපාංගය ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.
හරි දැන් එහෙනම් බලමු Arduino එකට මේ උපකරණය සම්බන්ධ කරගෙන විචල්‍ය ප්‍රතිරෝදකයක් මඟින් එක අපට අවශ්‍ය විදියට පාලනය කරන්නෙ කියලා.
අපිට අවශ්‍ය වෙනවා,
  • Arduino එකක්
  • Servo එකක්
  • විචල්‍ය ප්‍රතිරෝදකයක් (20K පමණ)
දැන් පහත ආකාරයට උපාංග එකලස් කරගන්න.
Circuit Diagram 
මෙන්න Code එක

// Controlling a servo position using a potentiometer (variable resistor) 
// by Michal Rinott <http://people.interaction-ivrea.it/m.rinott> 

#include <Servo.h> 
 
Servo myservo;  // create servo object to control a servo 
 
int potpin = 0;  // විචල්‍ය ප්‍රතිරෝදකය සම්බන්ධ වන Pin එක
int val;    // එමඟින් ලැබෙන අගය ගබඩා වන විචල්‍ය
 
void setup() 
{ 
  myservo.attach(9);  // Pin 9 හී ඇති Servo එක හදුනා ගැනීම
} 
 
void loop() 
{ 
  val = analogRead(potpin);            // 0 and 1023 අතර පවතින විචල්‍ය ප්‍රතිරෝදකයේ අගය ලබාගැනීම 
  val = map(val, 0, 1023, 0, 179);     // 0 and 180 දක්වා පරිමාණයෙන් එය තබාගන්න
  myservo.write(val);                  // එම අගයට සාපේක්ශව Servo එක කරකවන්න
  delay(15);                           // Servo එක කරකැවෙන තුරු සිටින්න.
}


5 comments:

  1. mcn ova karapu video ekakuth post eka yatin dannako

    ReplyDelete
  2. niyamai ikmanata thawa post dannakooooo

    ReplyDelete
  3. ස්තූතියි හැමෝටම video නම් youtube එකේ තියෙනවා, නැවත ළිපි ලියද්දි මම එකතු කරන්නම් එහෙම අදාල වෙන ඒවා

    ReplyDelete