| Home | Introduction | Buy Arduino / Modules |

SMS මඟින් Relay ක්‍රියා කරවීම


ඔන්න යාලුවනේ ඔයාලා බලාගෙන හිටපු ලිපිය අරන් ආවා. කැමතිද ලෝකෙ කොහෙ හිටියත් SMS එකක් හරහා නිවසේ තිබෙන විදුලි පහන් වැනි දෑ ක්‍රියාත්මක කරවන්න? එහෙනම් මෙන්න අවස්ථාව. කලින් ලිපියෙදි කියපු GSM උපාංගය භාවිතා කරලා තමයි මේ වැඩේ කරන්නෙ.
ඉතින් අපිට ඕනෙ වෙනවා,
  • Arduino
  • Arduino GSM Shield
  • Relay Board එකක් (Digital pin 4,5,6,7 Based)
Relay Board එකක් ගන්න බැරි අයට අඩු මුදලකින් මෙය තනාගන්න පුලුවන් විදියක් තියෙනවා මෙන්න Go To

අවශ්‍ය උපකරණ අරගෙන එහෙනම් සූදානම් වෙන්නකො වැඩේට.
GSM උපාංගයට SIM එක ඇතුල් කරන්න.
මෙය Hardware Serial Port එක හරහා ක්‍රියාත්මක කිරීමටද, Software Serial Port එක හරහාද ක්‍රියාත්මක කිරීමටද හැක. එය වෙනස් කිරීමට මෙහි Jumper (2*3) එකක් ඇති අතර, අපට අවශ්‍ය වන්නේ Hardware Serial Port එක බැවින් පහත ආකාරයට එම Serial port සබඳතා සහිත Jumper සකසන්න (XDuino ලෙස)
දැන් තියෙන්නෙ Code එක Upload කරන්න.
හැබැයි මේ අවස්ථාවෙදි GSM උපාංගය Arduino එකට සම්බන්ධ කරලා තියන්න එපා.
මෙන්න Code එක. -- Download
Code එක Upload කරන්න කලින් 
arduino\libraries\SoftwareSerial නම් Folder එකේ ඇති, Library එකේ 
#define _SS_MAX_RX_BUFF 64 // RX buffer size
යන කේතය
#define _SS_MAX_RX_BUFF 128 // RX buffer size
ලෙසට වෙනස් කරන්න. මෙමඟින් SMS පණිවිඩ සමඟ කටයුතු කරන විට ඇති වන දුර්වලතා මගහැරේ.
එහෙනම් ඉතින් Shields දෙක Arduino එකට සම්බන්ධ කරන්න. Relay Board එක උඩින්ම තිබෙන ලෙස සවි කරගන්න.
Relay Shield එක වැඩ කරනවාද කියලා බලාගන්න පුලුවන් ඒකෙ හියෙන Buttons 4 භාවිතා කරලා.
කුඩා LED එකකට Switch එකක් විදියට භාවිතා කරලා බලන්න Relay එක.
සෑම Relay එකකම Pin 3ක් එනවා Output විදියට.
COM3, NC3 and NO3
COM3 - මෙයට Switch එක් වයරයක් අමුනාගන්න.
NO3 - මෙයට අනෙක් වයරය අමුණාගන්න
NC3  - මේ හරහා විදුලිය ගමන් කරන්නේ NO3 විසන්ධි වූ විටයි.

දැන් තියෙන්නෙ හොඳම හරිය, ඒ කිව්වෙ SMS මඟින් මේ Relay පාලනය කිරීම.
SMS එකක් යවන්න බලන්න Arduino GSM උපාංගයේ SIM එකට onb කියලා.
දැන් එක් Relay එකක් ක්‍රියාත්මක වේ.
එවිට එයට සම්බන්ධ කරන ලද උපාංගය ක්‍රියාත්මක වේ.
මේ Flowchart එකෙන් ඔයාලට පොඩි අදහසක් ගන්න පුලුවන් මෙහි ක්‍රියාවලිය ගැන.
Relay එකට Arduino එකෙන් Signal දෙන්නෙ Digital Pin 4,5,6,7 මඟිනි, මේවා ඔබ විසින් තනාගත් Relay Board එකක් වෙතොත් එයට සම්බන්ධ කරගත හැක. Go To
U1, U2, U3, U4 යන Relays ක්‍රියාත්මක කරවීම සඳහා SMS කළ යුත්තේ ඉහත ආකාරයෙන්මය 
  • ona
  • onb
  • onc
  • ond
යනුවෙනි.
දැන් තියෙන්නෙ විදුලි පහණකට මෙය සම්බන්ධ කරගන්න.

එහෙනම් SMS එකක් යවලා බලන්න භාන්ඩෙ වැඩද කියලා.
ඉතින් යාලුවනේ මේ විදියට අපිට විදුලි උපකරණ බොහොමයක් පාලනය කරවන්න පුලුවන් Arduino සමඟ SMS කිරීමෙන්. විදුලි පහණකට අවශ්‍ය වන්නේ අඩු Ampere ගණනක් බැවින් ඊට වඩා විදුලියක් භාවිතා කරන උපකරණ සඳහා සුදුසු වන Relays භාවිතා කරන්න.
Device Max current(A)
  • Electric Fan 1A
  • Lamp 2A
  • TV 2A
  • Refrigerator 2A
  • Microwave Oven 8A
A අකුරෙන් කියවෙන්නෙ සාමාන්යෙන් මේ උපකරණ භාවිතා කරන Ampere ගණන. මතක ඇතුව Relay එක උඩ Print කරලා තියෙන වෝල්ටීයතාවයට සරිලන Ampere ගනනට සුදුසු උපකරණ මෙයට අමුණාගන්න.
මෙම ලිපිය Remote control via GPRS/GSM SMS(Arduino) ඇසුරින් ලියා ඇති අතර ඔබට වැඩිදුර යමක් දැන්ගැනීමට අවශ්‍යනම් එහි කර්තෲව සම්බන්ධ කරගන්න එමඟින්. 
බ්ලොග් එකට කරන උදව්වක් විදියට මේ ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. Share කරන්න.

11 comments:

  1. හොද post එකක් arduino එකක් පාවිච්චි කරලා quadcopter එකක් හදන හැටි කියලා දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට, ඉදිරියේදී ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙනවා

      Delete
  2. Ela.mekata hoda shield eka mokadda. Ebay link ekak denna

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් eBay seller ව contact කරගෙන අහන්න මේ code එකට compatible board එක තියෙනවාද කියලා, http://adf.ly/1A6wqg

      Delete
  3. oyage contact number ekak dennawada

    ReplyDelete
  4. relay eka 10A unaata kamak nadda?(for CFL bulb)

    ReplyDelete
  5. arduinoshoplk.com/communication/34-gsm-modiule-sim800.html

    Me GSM module eka unath use karanna puluwanda(instead of ur GSM shield)

    ReplyDelete
  6. Thanks.. දිගටම කරගෙන යන්න මචෝ

    ReplyDelete
  7. Good job bro.keep it up

    ReplyDelete