| Home | Introduction | Buy Arduino / Modules |

If Condition භාවිතා කිරීම


ආයුබෝවන් යාලුවනේ if condition ගැන මීට කලිනුත් ළිපියක් ලියලා තිබ්බා බ්ලොග් එකේ. නමුත් නැවතත් පැහැදිළිව ළිපියක් ලියන්න හිතුනා මොකද ඊළඟ Project එක මේක ගොඩක් වටින නිසා. ඒ ගැන පස්සෙ කියන්නම්කො, දැන් බලමු If condition කියන්නෙ මොකක්ද කියලා.

අපි කෙනෙක්ට උපදෙසක් දෙනවා
ඔයා කඩේට යන්න, ගිහින් නිල් පෑන් තියෙනවාද බලන්න. නිල් පෑන් තියෙනවානම් නිල් පෑනක් අරගෙන එන්න, නමුත් නිල් පෑන් නැත්නම් කලු පෑනක් අරන් එන්න.

මෙතනදි අපි දෙන උපදෙස තමා නිල් පෑනක් හෝ කලු පෑනක් ගේන්න කියන එක. නමුත් ගේන්න ඕනෙ නිල් පෑනක්ද කලු පෑනක්ද යන්න තීරණය කරන්න පොඩි කොන්දේසියක් (Condition) තියෙනවා ඒ තමා නිල් පෑනක් තියෙනවාද කියලා බලන එක. ඊට පස්සෙ ඒ කොන්දේසිය සත්‍ය නම් නිල් පෑනක් ගේනවා, නමුත් ඒක අසත්‍ය නම් කලු පෑනක් ගේනවා.

කොන්දේසිය -> නිල් පෑන් තිබේද?

එසේනම් -> නිල් පෑනක් රැගෙන එන්න

නොඑසේනම් -> කලු පෑනක් රැගෙන එන්න

ඉතින් යාලුවනේ Arduino එකට සම්බන්ධ උදාහරණයකට යමු දැන්.

Arduino එකට සම්බන්ධ ස්වීචයක් තියෙනවා, ඒ ස්වීචය විවෘතව (off) තිබෙන විට LED එකක් නිවී තිබීමටත් එය වසා ඇති විට (on) LED එක දැල්වීමටත් කේතනය කරනවා. මෙතනදි ,

කොන්දේසිය -> ස්වීචය වසා ඇත්ද?

එසේනම් -> LED එක දල්වන්න

නොඑසේනම් -> LED එක නිවන්න

Arduino වල If condition භාවිතා වෙන්නෙ මෙහෙම. රතු පාටින් තියෙන කේත අනිවාර්යෙන්ම ලියන්න ඕනා.

if(කොන්දේසිය)
{
[කොන්දේසිය සත්‍ය නම් මෙතන ලියන කේතය ක්‍රියාත්මක වන්න]
}
else [අවශ්‍යනම් පමණක්]
{
[කොන්දේසිය අසත්‍ය නම් මෙතන ලියන කේතය ක්‍රියාත්මක වන්න]
}

මෙය Arduino එකට ලිවීමට අපි භාවිතා කරනවා Arduino - Digitalread කියන කේතය.

digitalRead(7) 

ඉහතින් ඇති කේතය මඟින් Digital Pin 7 තුළට Gnd සම්බන්ධ වුවහොත් HIGH යනුවෙන් ලැබෙන අතර නොඑසේනම් LOWයනුවෙන් ලැබේ.

ඒ අනුව අපි ලියන්න ඕනෙ කේතය පහත පරිදිය.


void setup() {
  // initialize the LED pin as an output:
  pinMode(3, OUTPUT);      
  // initialize the pushbutton pin as an input:
  pinMode(7, INPUT);     
}

void loop(){
  if (digitalRead(7) == HIGH) {     
    // turn LED on:    
    digitalWrite(3, HIGH);  
  } 
  else {
    // turn LED off:
    digitalWrite(3, LOW); 
  }
}

මතක ඇතුව කොන්දේසියක් TRUE හෝ FALSE දැයි සසඳා බල විට = ලකුණු දෙකක් භාවිතා කරන්න == ලෙස.

අපිට අවශ්‍යනම් else if යනුවෙන් භාවිතා කර කොන්දේසිය අසත්‍ය වූ විට නැවත නැවතත් වෙනත් කොන්දේසි ක්‍රියාත්මක කළ හැක.

එහෙනම් යාලුවනේ හැමෝටම තෙරුවන් සරණයි. මීළඟ ළිපියෙන් රාත්‍රියට ක්‍රියාත්මක වන බල්බයක් තනාගන්නා ආකාරය IF Condition ඇසුරෙන් සිදු කරන්නේ කෙසේද යන්න ළිපියක් අරගෙන එන්නම්. අහ් අර මුලින් කිව්ව Project එකද, ඒක තමා Facebook Message එකක් හරහා Arduino එක ක්‍රියාත්මක කිරීම.

5 comments:

  1. මේ ටික නම් හොදට තේරුනා. අනිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  2. ඇත්තටම ගොඩක් වටිනව. අපිට pdf file විදිහට මේවා download කර ගන්නත් දෙන්න පුලුවන්ද????????????? ස්තූතියි ඔයාලාට.

    ReplyDelete
  3. super bro
    thaniyama cade liyaganna if else wage awage therun pehedili karanawada?

    ReplyDelete
  4. super bro
    thaniyama cade liyaganna if else wage awage therun pehedili karanawada?

    ReplyDelete