| Home | Introduction | Buy Arduino / Modules |

Arduino එකට Keyboard එකක් සම්බන්ධ කිරීම #1

යාලුවො මෙච්චර දවස් හිතන් උන්නෙ ඔය Computer එකේ තියෙන Keyboard තියෙන්නෙ Computer වලට විතරයි කියලා? නෑ ඒවා Arduino වලටත් සම්බන්ධ කරන්න පුලුවන්. පට්ට නේ? මේකටනම් අමතර උපාංගයක් විදියට ඕනෙ වෙන්නෙ PS2 Keyboard එකක්. තව PS2 Keyboard Connector එකක් ඕනෙ වෙනවා. මම නම් භාවිතා කරේ ඉවත දාපු Keyboard එකක් නිසා Connector ගත්තේ නෑ වයර් එක මැද්දෙන් කපලා දැම්මා. දැන් අපි බලාගන්න ඕනෙ Keyboard එකෙන් එන ඔය වයර් 4 මොනවාද කියලා.

වයර් ගැන හරි අවබෝදයක් ගන්න Keybord එක පරෙස්සමින් ගලවලා බලන්න ඒ ඒ වයර් ළඟ ලියලා තියෙන්නෙ මොනවද කියලා.
C = Clock (Arduino pin 2)
D = Data (Arduino pin 8)
G = Ground (Arduino GND)
V = VCC (Arduino +5v)

දැන් පළවෙනි පින්තූරෙ විදියට ඔය වයර් ටික අමුණගන්න.
එහෙනම් අපිට තියෙන්නෙ Coding වැඩේ. මුලින්ම දාගන්න මේ Library එක. http://www.pjrc.com/teensy/arduino_libraries/PS2Keyboard.zip
දැන් මේ Code එක දාලා Serial Monitor එක open කරන්න. දැන් Keyboard එකෙන් මොනවාහරි Type කරන්න ඔයාට බලාගන්න පුළුවන් අපි Type කරපු දේ. අපිට මේ ක්‍රමයෙන් පුළුවන් Arduino එකට උපදෙස් විශාල ප්‍රමාණයක් ලබා දෙන්න. ඇයි ඉතින් Keys 106ක්ම තියෙන්නෙ.
#include <PS2Keyboard.h>

const int DataPin = 8;
const int IRQpin =  2;

PS2Keyboard keyboard;

void setup() {
  delay(1000);
  keyboard.begin(DataPin, IRQpin);
  Serial.begin(9600);
  Serial.println("Keyboard Test:");
}

void loop() {
  if (keyboard.available()) {    
    char c = keyboard.read();
    if (c == PS2_ENTER) {
      Serial.println();
    } else if (c == PS2_TAB) {
      Serial.print("[Tab]");
    } else if (c == PS2_ESC) {
      Serial.print("[ESC]");
    } else if (c == PS2_PAGEDOWN) {
      Serial.print("[PgDn]");
    } else if (c == PS2_PAGEUP) {
      Serial.print("[PgUp]");
    } else if (c == PS2_LEFTARROW) {
      Serial.print("[Left]");
    } else if (c == PS2_RIGHTARROW) {
      Serial.print("[Right]");
    } else if (c == PS2_UPARROW) {
      Serial.print("[Up]");
    } else if (c == PS2_DOWNARROW) {
      Serial.print("[Down]");
    } else if (c == PS2_DELETE) {
      Serial.print("[Del]");
    } else {      
      Serial.print(c);
    }
  }
}
මේ තියෙන්නෙ ඒ විදියට ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාකරනන් හදපු LED එකක්. ඒ ගැන ඉදිරි ළිපියෙන්.
එතකොට මේ තියෙන්නෙ Keyboard එකෙන් හදපු TV Remote එක. ඒ ගැනත් කියන්නම්කෝ.
මට දෙන සප් එකක් විදියට බ්ලොග් එකේ තියෙන Ad එකක් එහෙම Click කරගෙන යන්න.

7 comments:

  1. දෙන්නටම ගොඩක් ස්තූතියි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ayye me board eka ganna thiyennea koheda

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙනවා http://arduinotutes.blogspot.com/p/post-free-ad-on-blog-of-sadeepa.html

      Delete