| Home | Introduction | Buy Arduino / Modules |

Android Apps සමඟ Arduino භාවිතා කරමු


හරි හරි topic එක දැක්කට බය වෙන්න එපා, Android apps හදන්න ඕනෙ නැහැ Arduino ගැන තියෙන දැනුම ඇති මේ වැඩේට. අපිට Android phone එකක තිබෙන Bluetooth තාක්ශණය ඔස්සෙ Arduino එකට සම්බන්ධ වෙන්න පුලුවන්, ඒකට ඕනෙ කරන්නෙ Arduino Bluetooth Module එකක් විතරයි. ඔව් Android තියෙන Phone එකක් සහ Arduino එකක් ඕනෙ මේ වැඩේට. මේ ක්‍රමයෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන් Apps රොත්තක්ම තියෙනවා Play Store එකේ, Arduino කියලා Search කරන්නකො. දැක්කා නේද Remote Car, ගෙදර Light on / off කර වැඩ වගේ ගොඩක් දේවල් කරන්න Apss තියෙනවා.Module එක ගන්න විදියක් නැත්නම්  රු. 750/- ට ගෙදරටම ගෙන්වාගන්න පුලුවන් මෙතනින්. -> Arduino Bluetooth Module .
හරි දැන් බලමු අද කරන්න යන වැඩේ. මෙතනදි කරන්න යන්නෙ
අපිට කැමති පාටක් ලබාගන්න පුලුවන් LED එකක් Android phone එකකින් Control කරන්න. ඔයාට මේ වැඩේට ඕනෙ කරන RGB LED එකක් ගන්න නැත්නම්, රතු, කොල හා නිල් පැහැති LED 3ක් පහත ආකාරයට අමුණාගන්න Arduino එකට.

1.Arduino Board or compatible Board
2.Serial Bluetooth Module.( TTL Output )
3.RGB LED
4.Android Device with Bluetooth Supported.
ඔය උපාංග තමයි ඕනෙ කරන්නෙ වැඩේට.

RGB LED එකත් මේ විදියටමයි Set කරන්නෙ.

ඒ වගේම Bluetooth Module එකේ + (VCC) හා - වයර් සම්බන්ධ කර,
Module එකේ RX වයරය Arduino Pin 1 එකට හා TX වයරය Arduino Pin 2 එකට අමුණාගන්න. 
Arduino එකට දාන්න ඕනෙ Code එක ළිපියෙ මෙතන තියෙනවා, ඒක Upload කරන්න Arduino එකට.
දැන් ගන්න Android phone එක අතට, දාගන්න මේ App එක -> 

https://play.google.com/store/apps/details?id=arduino.bluetooth.rgbleds

ඊළඟ පියවර තමා Arduino එකට Connect වෙන එක. වයර් එහෙම හරියට අමුණලද කියලා බලලා, Arduino එකට විදුලිට සපයන්න. 
දැන් Scan කරලා Module එක තෝරලා දෙන්න.
Pair කරලා නැත්නම් Pair කරන්න
රවුම් කරපු Message එක ආවොත් Connect වෙලා තියෙන්නෙ.
දැන් තියෙන්නෙ ඔයාට කැමති විදියට LED එකේ පාට වෙනස් කරන්න, comment එකකුත් දාගෙනම යන්න, Android එක්ක කරන්න පුලුවන් තවත් වැඩ ඉදිරියට.

18 comments:

  1. නියම වැඩක් දිගටම කරගෙන යන්න. තව දේවල් ඉක්මනටම දෙන්න

    ReplyDelete
  2. meka use karala moter ekek comtrol kran pulnm e kiye andrio plane ekein uda yana palen eke hdann puln neda

    ReplyDelete
    Replies
    1. අනිවා, පලවෙනි ලිපියෙ දාලා තිබ්බ එහෙම හදපු Drone එකක්

      Delete
  3. මේ වැඩේ ඇත්තටම වටිනවා. ගොඩක් අය මේ වගේ බ්ලොග් පටන් අරගන ටික දවසකින් නවත්තනවා. හැබැයි මේකෙත් පොඩි අවුලක් තියෙනවා. Coding කරන කොටසත් පැහැදිලිව කියලා දෙනවා නම් නියමයි. නිකන්ම Code එක දීල ඒක Upload කරන්න කිවුවට ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට

      Delete
    2. eka aththa.samahara code walin wena de api dan nane. puluwannam code tikak pahadili karala denda. thnkz bro

      Delete
  4. ස්තූතියි ඔබට,
    හැකි අයුරින් ඉතා සරලව කියලා දෙන්නම් සහෝ

    ReplyDelete
  5. Mta phone eken blutooth remote car ekak hadagnna mm me code ekama upload kalot harida bro

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් වෙනස් කරන්න ඕනෙ play store එකේ remote car app තියෙනවා, එව්වගෙ description එකේ code කරන විදියත් තියෙනවා

      Delete
  6. wada karannane Bluetooth module eka hrc06 connect wenawa... light on wenna

    ReplyDelete
    Replies
    1. code eka upload unada awulak nathiwa?

      Delete
    2. BLUEtooth eka connect karala thiyeddi upload une na. power ain karama upload una

      Delete
  7. yaluwa දන්නවද sensor network හදන්න.මට project එකක් තියෙනවා.sensor network වලින් කරන්න.එකේ වෙන්නේ මෙහෙමයි මචන්.sensor network එක connect කරලා තියෙනවා C# App එකකට.අපි ඒ app එකෙන් temperature එකට value එකක් දෙනවා .sensor network එකෙන් environment එකේ temperature එක measure කරනවනේ.එකෙන් measure කරන temperature value එක අපි app එකෙන් දාපු value එකට වඩා වැඩි උනොත් අපිට notification එකක් දෙන්න ඕන.SMS එකක් වගේ.කව්රු හරි දන්නවනම් help එකක් කරනවද?

    ReplyDelete
  8. sandeepa, Hc-06 bluetooth module eka hariyanawada???

    ReplyDelete