| Home | Introduction | Buy Arduino / Modules |

Facebook හරහා ක්‍රියාත්මක වන Arduino එක


ඔන්න යාලුවනේ ඔයාලා බලාගෙන උන්නු Project එක අරගෙන ආවා. මෙහිදී සිදුවන්නේ Facebook ගිණුමකට සම්බන්ධ කරන ලද Arduino එකක් එක ගිණුමට ලැබෙන Facebook Message හරහා විධාන ලබාගෙන ක්‍රියාත්මක වීමයි. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නව නිර්මාණ සිදු කරන්න. හැබැයි යාලුවනේ මේකට Ethernet Shield  ඕනෙ වෙන්නෙ නැහැ
මොකද අපි Arduino එක සම්බන්ධ කරන්නෙ පරිගණකයකට නිසා.
ඒ හැරුණු කොට LED 5 ක් සමඟ 470 Ohm ප්‍රතිරෝධක 5 ක් අවශ්‍ය වෙනවා Arduino එකේ ප්‍රතිදානය ලබාගන්න.
මේ විදියට පරිපථය හදාගන්නකො.

Digital Pin 9,10,11,12,13 ට තමා LED 5 සම්බන්ධ වෙන්නෙ.

හරි යාලුවනේ එහෙනම් අපි බලමු මේ Project එකේ වැදගත්ම කොටස වන Arduino + Facebook Terminal එක.
මෙය Windows මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරපු මෘදුකාංගයක්. මේ හරහා තමයි Arduino එක Facebook වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙන්නෙ.
මේ මෘදුකාංගය හරහා Facebook Account එකට ලැබෙන පණිවිඩ හරහා Arduino එකට Serial Commands යවලා තමයි Arduino එක පාලනය කරන්නෙ. මෘදුකාංගය ගන්න මෙතනින්.
Windows 7 සඳහා
Windows 8 , 8.1 , 10 සඳහා

දැන් අපිට මේ වැඩේට Facebook Account දෙකක් අවශ්‍ය වෙනවා, එකක් Arduino එකට සම්බන්ධ කරන්න, අනිත් එක හරහා තමයි Arduino එකට සම්බන්ධ වූ Account එකට Message එකක් විදියට උපදෙස් යවලා Arduino එක පාලනය කරන්නෙ.
Username එකක් නැති Account වල මෙහෙම ID එකම තියෙනවා. නැත්නම් මෙතනට එන්නෙ Account එකේ Username එක.
Arduino එකට සම්බන්ධ කරන Account එකේ username එක හෝ ID එක පලමු කොටසට ඇතුලත් කරන්න. පසුව එහි Password එකද ලබා දෙන්න.

තුන්වනුව ඇති කොටසට ලබා දෙන්නෙ එම Facebook Account එකට විධාන එවන Facebook Account එකේ ID එක ඇතුලත් කරන කොටසයි. Facebook Account එකේ ID එක දන්නෙ නැත්නම් Get Facebook ID යන ස්ථානය Click කර ලැබෙන වෙබ් පිටුවට එම Facebook ගිණුමේ Link එක ලබා දී එහි ID එක ලබාගන්න. මතක ඇතුව මේ Account එක අනිත් Account එකේ Friend කෙනෙක් විදියට Add කරගන්න.

ඉන්පසුව Arduino එක සම්බන්ධ වන Port එක ලබා දෙන්න.

Baud යන කොටසට අදාල Baud Rate එක ලාබා දෙන්න, අපේ උදාහරණයෙදි නම් 9600 තියෙන්නෙ.

දැන් බලමු Arduino code එක.


char incomingOption;
void setup()
{
  pinMode(13, OUTPUT);
  pinMode(12, OUTPUT);
  pinMode(11, OUTPUT);
  pinMode(10, OUTPUT);
  pinMode(9, OUTPUT);
  Serial.begin(9600);
}
void loop()
{
     incomingOption = Serial.read();
     switch(incomingOption){
        case '1':
          digitalWrite(13, HIGH);
          break;
        case '2':
          digitalWrite(12, HIGH);
          break;
        case '3':
          digitalWrite(11, HIGH);
          break;
        case '4':
          digitalWrite(10, HIGH);
          break;
        case '5':
          digitalWrite(9, HIGH);
          break;
        case '0':
          digitalWrite(13, LOW);
          digitalWrite(12, LOW);
          digitalWrite(11, LOW);
          digitalWrite(10, LOW);
          digitalWrite(9, LOW);
          break;         
          
     }
}
මෙතනදි Arduino එකට එම මෘදුකාංගය හරහා Serial Command එකක් විදියට ලැබෙන්නෙ එම Facebook Account එකට එන Message එකයි. එහි තිබෙන විධාන සංසන්දනය කර සුදුසු විධානයට අදාල කේතය ක්‍රියාත්මක කරනවා. මෙතනදි මම If Condition වෙනුවට Switch case කේත භාවිතා කරා, If ගැන අවබෝධයක් තියෙන අයට මේක පැහැදිළියිනෙ කොහොමත්, හරියට else if වගේ. 

හරි දැන් මේ Code එක Arduino එකට Upload කරන්න. 

එහෙනම් ඉතින් මෘදුකාංගය විවෘත කරලා Arduino එකත් සම්බන්ධ කරලා අදාල විස්තර ලබාදීලා අත්හදාබලන්න වැඩේ.

Facebook යන්න පුලුවන් මොකක්හරි උපාංගයක් හොයාගන්න දැන්.

මෘදුකාංගයේ Remote Facebook Account එක විදියට ලබා දීපු Account එකට log වෙලා Arduino එකට සම්බන්ධ කරපු Account එකට Message එකක් යවන්න 1 කියලා.
එතකොට Pin 13 වලට අමුණපු LED එක දැල්වෙයි.
දැන් 




මෙ විදියට 1 සිට 5 දක්වා ඉලක්කම් Arduino එකට සම්බන්ධ කරපු Account එකට යවලා කැමති LED එකක් දල්වන්න.
0 කියලා යැව්වම සේරම LED නිවෙනවා.

ඉතින් යාලුවනේ මේ code එක තව දියුණු කරලා ගොඩක් වැඩ ගන්න පුලුවන් මේකෙන්.
හැබැයි ඉතින් Facebook එකෙන් කියලා තියෙන්නෙ එක්කෙනෙක්ට Facebook ගිණුම් එක්කාට වඩා තියාගනන් එපා කියලා, ඔන්න ඒ ගැනත් කියලා ළිපිය අවසන් කළා හොඳේ.
එහෙනම් හැමෝටම ජය!

20 comments:

  1. එල ...ඔහොම යමු

    ReplyDelete
  2. එළ වැඩක් මචං

    ReplyDelete
  3. හම්මේ මෙන්න ලිපි :* මටත් ආස හිතෙනවා ^_^

    ReplyDelete
  4. Mama obage lipi siyallama baluwa. godak danuma labuna. obata sthuthiy

    ReplyDelete
  5. comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  6. arduino එක conect කරලා තියන pc එකෙන් fb ලොග් වෙලා ඉන්න ඕනිද මේ වැඩේට???

    ReplyDelete
    Replies
    1. software එක හරහා fb log වෙලා තිබ්බම ඇති

      Delete
  7. Ethernet Shield aka dala karana widiyatha kiyala dena puluwanm hoday

    ReplyDelete
  8. meka niyamai........meka wifi shild aken karanna barida......?....computer akak nathuwa

    ReplyDelete
  9. සොෆ්ට්වයා එකත් ඔයාලමද හදන්නේ...?

    ReplyDelete